ඇල්පිටිය වැවිලි සමාගම HarrowHouse.lk අරඹයි

Aitken Spence සමූහයට අනුබද්ධිත ඇල්පිටිය වැවිලි සමාගම විසින් විශේෂිත පාරිභෝගික භාණ්ඩ රැසක් සමඟ HarrowHouse.lk වෙබ් අඩවිය පසුගියදා දියත් කර තිබෙනවා.

ඇල්පිටිය වැවිලි සමාගම ශ්‍රී ලංකාවේ පළමු වතාවට ස්ට්‍රෝබෙරි, බ්ලැක්බෙරි රාස්ප්බෙරි සහ බ්ලූබෙරි වගාව ආරම්භ කළ වැවිලි සමාගමයි.

ස්වාභාවික පාරිසරික තත්ත්ව යටතේ ඉදෙන්නට සලස්වන මෙම බෙරිවල නැවුම් ස්වාභාවික රසයම විඳ ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙන බව සඳහන්.

මේ සියලු බෙරි නිෂ්පාදන Berry Much සන්නාමය යටතේ HarrowHouse.lk වෙබ් අඩවියෙන් මිලදී ගත හැකියි.

බෙරි නිෂ්පාදනවලට අමතරව ස්ට්‍රෝබෙරි හා රාස්ප්බෙරි ජෑම් සහ කටු අනෝදා, අඹ, වැල්දොඩම්, අන්නාසි හා පොල්වලින් නිෂ්පාදිත රසයෙන් මෙන්ම ගුණයෙන්ද සපිරි ජෑම් HarrowHouse.lk වෙබ් අඩවිය හරහා මිලදී ගත හැකියි.

දේශීයව මෙන්ම විදේශීයවද ඉතා ඉහළ ඉල්ලුමක් ඇති Ceylon Tea තේ මිලදී ගැනීමටද මෙම වෙබ් අඩවිය හරහා අවස්ථාව සලසාදී තිබෙනවා.

තේවලට ඇලුම් කරන්නන්ට පුළුල් පරාසයක විහිදී ඇති කලු තේ, හරිත තේ, තෑගි වශයෙන් දිය හැකි තේ සහ BOPF තේ වැනි බොහෝ නිෂ්පාදන මෙම වෙබ් අඩවිය හරහා මිලදී ගත හැකියි.

තේ ආශ්‍රිත සියලු නිෂ්පාදන ඇල්පිටිය වැවිලි සමාගමට අයත් මධ්‍යම කඳුකරයේ පිහිටි තේ වතුවලින් නෙලා ගන්නා නැවුම් තේ දළුවලින් නිපදවනවා.

අඹ, මිශ්‍ර පළතුරු, කටු අනෝදා, ස්ට්‍රෝබෙරි සහ සියඹලා වැනි පලතුරුවලින් සකසන බීම වර්ගද HarrowHouse.lk හරහා මිල දී ගත හැකියි.

පලතුරු බීමවලට අමතරව කාබනීකෘත පලතුරු යුෂද(Fizzy Drinks) Tropifruit සන්නාමය යටතේ මිල දී ගත හැකිය. කෝපි, පිරිසුදු මී පැණි, කිතුල් පැණි, කුරුඳු සහ තවත් බොහෝ දෑ මෙම වෙබ් අඩවිය හරහා මිලදී ගත හැකි බවයි සඳහන්වන්නේ.

නොවැම්බර් මාසය පුරා 15%ක විශේෂ වට්ටමක් පිරිනැමීමටද HarrowHouse.lk කටයුතු යොදා ඇති බව සඳහන්වනවා.

Hඅර්‍රොව්Hඔඋසෙ.ල්ක් වෙබ් අඩවියෙන් මිලදී ගැනීමේදී කූපන් කේතය (NEWSHH) භාවිත කිරීමෙන් පාඨකයන්ට දෙසැම්බර් මාසයේදී 15%ක වට්ටමක් හිමිවන බවද වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles