රන් මිල ඉහළට

මෙරට රත්තර​න් මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 168,500 ක් දක්වා රුපියල් 2,000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ බදාදා දිනයේදී එය දැක්වුණේ රු. 163,700ක් ලෙස​යි.

මේ අතර පසුගිය බදාදා රු. 177,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 182,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්තර​න් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles