විනෝදාත්මක අත්දැකීම් රැසක් සමඟ උද්යෝගයෙන් ඉගෙනුම් ලබන Curtin Colombo සරසවි සිසුන්

Curtin Colombo යනු පන්ති කාමරයට පමණක් සීමා නොවී සමබර සහ ඉතා පුළුල් සරසවි ජීවිතයක් සිසුන්ට ලබා දෙන ගෞරවනීය ආයතනයකි.

සාම්ප්‍රදායික ඉගැන්වීම්වලින් ඔබ්බට ගොස් සිසුන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය සම්බන්ධතා, නායකත්ව හැකියාවන්, නිර්මාණශීලීත්වය, ඕනෑම තත්ත්වයකට මුහුණ දීමේ හැකියාව, අනාගත වෘත්තීයයන්ට සහ ජීවිතයට වැදගත් වන කුසලතා ඇති කර ගැනීම වැනි අංශ කෙරෙහිද මෙම සරසවිය දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

ශාස්ත්‍රීය උගතුන්ට වඩා Curtin Colombo උපාධිධාරීන් සෑම අංශයකින්ම අනාගත ලෝකයට මුහුණ දීමට අවශ්‍ය දැනුමෙන්, ප්‍රායෝගිකත්වයෙන් සහ සමාජීය හැකියාවන්ගෙන් සවිබල ගැන්වුනු පුරවැසියන් ලෙස හඳුන්වාදිය හැකියි.

ශිෂ්‍ය ජීවිතයේ අපූර්වත්වය සහ බහුවිධ අධ්‍යාපන අංශ ඔස්සේ ඉදිරියට යන Curtin Colombo සරසවියේ කැපවීම ඉස්මතු කරමින් පසුගිය නොවැම්බර් මාසයේ විවිධ වැඩසටහන් රාශියක් සංවිධානය කෙරුණා.

සිසුන්ගේ ජීවිත විචිත්‍රවත් කිරීමට සහ සෑම අංශයක්ම ආවරණය වන සමබර අත්දැකීමක් වසර පුරා විවිධ අයුරින් සිසුන්ට ලබා දීම එහි අරමුණයි.

සිසුන් විසින් පවත්වන විවිධ වැඩසටහන් ලෙස අධ්‍යාපන සම්මන්ත්‍රණ, සංස්කෘතික වැඩසටහන්, වැඩමුළු සහ සාමූහික රැස්වීම් මෙන්ම විවිධ සැමරුම්ද වසර පුරා මෙම සරසවිය තුළ පැවැත්වෙනවා.

 මෙම ක්‍රියාකාරකම් ඔස්සේ අධ්‍යාපනික වශයෙන් පමණක් නොව ඉතා උසස් සමාජ භාවිතයක් සහ අවබෝධයක් ඇති සිසු පරපුරක් බිහි වීම සිදුවනවා.

 මෙයින් පෙනී යන්නේ විවිධ අත්දැකීම්වලින් පරිපූර්ණවූ පුරවැසියෙක් ලොවට දායාද කිරීම සඳහා පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික සහ ජීවන අත්දැකීම් ලබා දීමට Curtin Colombo සරසවිය සෑම විටම කැපවී සිටින බවයි.

සාම්ප්‍රදායික සීමාවෙන් එහාට ගොස් සිසුන්ට තවත් අපූරු අත්දැකීමක් ලබා දෙමින් Curtin Colombo කණ්ඩායම සහ ප්‍රතිවාදී SLIIT කණ්ඩායම අතර උද්වේගකාරී ඔන්ලයින් ක්‍රීඩා තරඟද   පැවති අතර එහිදී  කණ්ඩායම් දෙකම ඉතා උනන්දුවෙන් සහ උසස් ලෙස තම දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදී.

සරසවි සිසු සිසුවියන්ගේ උනන්දුව තවත් කුළුගන්වමින් ‘Comic Con’ වැනි විචිත්‍රවත් වැඩසටහන්ද සරසවිය තුළ පවත්වනවා.

මෙහිදී විචිත්‍රවත් ඇඳුම් ආයිත්තම්වලින් සැරසුනු සුපිරි වීරයන්, මායාකාරියන්, රණශූරයින්, දුෂ්ටයින් සහ තවත් බොහෝ චරිතවලින් අලංකාර වුනු ෆැන්ටසි භූමියක් බවට මුළු සරසවියම පත්වී තිබෙන​වා.

හොඳම ඇඳුම් නිර්මාණය සඳහා වන සටනද මෙහිදී ඉතාමත් තර​ඟකාරී උණුසුමකින් දියත් ව​න අතර එය කාගේත් කතාබහට ලක්වූ විනෝදාත්මක අංගයක් වුණා.

හැලොවීන් සම්ප්‍රදායට අනුව යමින් Curtin Colombo සරසවිය තුළ ප්‍රථම වරට හැලොවීන් සාදයක්ද සංවිධානය කරන ලදී.

හැලොවීන් සම්ප්‍රදායට ගැලපෙන ලෙස Geeks Vs Freaks නමින් නම් කරන ලද මෙය හැලොවීන් සාදය Comic Con සමඟ ඒකාබද්ධ කරමින් ඉතාමත් ආකර්ෂණීය වැඩසටහනක් ලෙස සරසවිය තුළ දියත් කරන ලදී.

 ඒ අනුව හොල්මන් මන්දිර, විචිත්‍රවත් ඇඳුම් ආයිත්තම්, ත්‍රාසය මෙන්ම භයානක රසය පිරුණු ක්‍රීඩාවලින් සරසවි සිසුන් මහත් උද්යෝගයට පත්වුණා.

එහිදී ත්‍රාසජනක භයානක රසයත්, විනෝදාත්මක රසයත් එකවර විඳීමේ සුවිශේෂී අවස්ථාව සිසුන්ට උදාවී තිබෙනවා.

මෙම වැඩසටහන්වලට අමතරව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, හෝලි උත්සවය, නත්තල් කැරෝල්, බාබකියු සැදෑවන් වැනි විනෝදාත්මක සහ සමාජශීලී ක්‍රියාකාරකම් රැසක්ද සිසුන් විසින් ඉතාමත් උද්යෝගයෙන් සංවිධානය කරන ලදි.

මෙවැනි ක්‍රියාකාරකම් තුළින් සෑම අංශයකින්ම පිරිපුන් සහ උද්යෝගය පිරුණ ශිෂ්‍ය ජීවිතයක් අත්විඳීමේ අවස්ථාව සිසුන්ට උදා වුණා.

Curtin Colombo සරසවිය, න්‍යායාත්මක ඉගැන්වීමෙන් ඔබ්බට ගොස් නිර්මාණාත්මක සහ සංස්කෘතික ක්‍රියාකාරකම් මෙන්ම වික්‍රමාන්විත, ත්‍රාසජනක සහ විනෝදාත්මක අත්දැකීම් රාශියක් සිසුන්ට ලබා දෙමින් ශිෂ්‍යයෙකුට වඩාත් සුදුසු සාරවත් පරිසරයක් සකස් කර දෙනවා.

එමඟින් සුන්දර මෙන්ම විනෝදජනක විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියකට පහසුකම් සලසමින්, ශිෂ්‍ය ජීවිතයේ සෑම අංශයක් ඔස්සේම සර්වසම්පූර්ණ සරසවි අත්දැකීමක් Curtin Colombo සරසවියේ සියලුම සිසුන්ට අත්විඳීමට අවස්ථාව උදා වේ.

 මෙවැනි පසුබිමක් තුළ උපාධිධාරීන්ගේ පෞරුෂත්ව වර්ධනය කර අනාගත වෘත්තීය සාර්ථකත්වය සඳහා සූදානම් කරවීමද වඩාත් විධිමත්ව සිදුවනවා.

Curtin Colombo සරසවියේ ඉංජිනේරු අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් වන යොහානි ඒකනායක මෙම සරසවිය පිළිබඳ සහ එහි පසුබිම පිළිබඳව දැක්වූ අදහස්,

“Curtin Colombo සරසවිය යනු සාම්ප්‍රදායික අධ්‍යාපන අත්දැකීමෙන් ඔබ්බට ගොස්, සාර්ව සංවර්ධනයේ සහ පුද්ගල වර්ධනයේ වැදගත්කම හඳුනාගත් තැනක්. පසුගිය දිනවල සංවිධානය වුනු අපූරු ක්‍රියාකාරකම් මඟින් සිසුන්ට කුසලතා සහ තමන්ගේ රුචිකත්වයන් ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලබා දුන්නා. එමඟින් සමාජයේ කටයුතු කළ යුතු ආකාරය සහ සුහදත්වය ගැන හොඳ හැඟීමක් සහ අවබෝධයක් ලබා දෙනවා. මේ සරසවිය අධ්‍යාපනික වශයෙන් පමණක් නොව සමාජීය හා සංස්කෘතික වශයෙන් ද පුරවැසියන්ව නිර්මාණය කිරීමට ප්‍රායෝගිකව දායක වන බවට එය හොඳ සාක්ෂියක්. සාම්ප්‍රදායික ඉගෙනගැනීමේ ක්‍රමයෙන් ඔබ්බට ගොස් ගවේෂණය කිරීමට සහ අලුත් ආකාරයකට අධ්‍යයන කටයුතු කිරීමට මට අවස්ථාව ලබා දීම ගැන Curtin Colombo සරසවියට මම ස්තුතිවන්ත වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles