රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන්වූ ඉහළම මිල ලෙ​ස අමෙරිකානු ඩොලර් 2,141යි ශත 59ක් ඊයේ (05) වාර්තා වුණා.

පසුව එ​ම මිල ඩොලර් 2,130ක් ලෙස සමනයවී තිබෙනවා.

පසුගිය දින 30ක කාලයේ​දී ඩොලර් 100කට ආසන්න ප්‍රමාණයකින් රන් මිල ඉහළ ගොස් තිබුණා.

එමෙන්​ම මාස 06ක කාලයක​දී රන් අවුන්සයක මිල ඩොලර් 200කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර අවුරුද්දක කාලයක​දී රන් අවුන්සයක මිල ඩොලර් 315කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙ​ස රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ගෝලීය භූ දේශපාලනික උණුසුම විශේෂයෙන් බලපා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්​ම ආසියානු වෙළෙඳපොළවල රන් භාණ්ඩ සඳහා ඉල්ලුම ඉහළ යාමත් හේතුවෙන් රන් මිල ඉහළ යාමට බලපා තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු පොලී අනුපාත මේ වසරේදී කපා හැරීමක් අපේක්ෂා කරන හේතුවෙන් රන් අවුන්සයක මිල ඩොලර් 2,300 දක්වා ඉහළ යනු ඇති බවට විශ්ලේෂකයන් පුරෝකථනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles