SLIIT ආයතනය‘ The Asia Awards’ උසස් අධ්‍යාපන ඔස්කාර් සම්මාන උළෙලට

SLIIT-UNI හි ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය යලිත් තහවුරු කරමින්, මෙම වසරේ The Asia Awards -2024’ – Oscars of Higher Education නම්වූ ආසියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සම්මාන උළෙලට නියෝජනවූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට පත්වී, මෙම සරසවියේ තව​ත් ජයග්‍රාහී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවා.

එක්සත් රාජධනියෙන් ආරම්භවී 2019 වන විට ආසියාකරය දක්වා පැතිරුණු මෙම ආසියානු උසස් අධ්‍යාපන ඔස්කාර් සම්මාන උළෙලේදී, ආසියානු මහාද්වීපය පුරා විහිදුණු පූළුල් විශ්වවිද්‍යාල ජාලය අතරින් තෝරාගත් අධ්‍යයන විශිෂ්ඨත්වයන් සහ නෝවොත්පාදන ඇගයීමට ලක් කරනු ලැබුවා.

මෙම වසරේ ඉදිරිපත්වූ ආසියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල 600 කට අධික නව පර්යේෂණ අතරින් SLIIT-UNI ආයතනය අවසන්ව වට නියෝජනයක් බවට පත්වීම මෙන්ම එය ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම විශ්වවිද්‍යාලය වීමත් රටටම ආඩම්බරයක් වනවා.

SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය රුවන් ජයතිලක මහතාගේ අධීක්‍ෂණය යටතේ, එම පීඨයේ තවීෂා ජයවර්ධන, සචිනි අනුත්තරා, තමාෂා නිම්නාදි සහ රිද්මි කරදනාආරච්චි යන උපාධි අපේක්ෂකයින් විසින් ‘වැඩිහිටි ජනගහනය සහ ගෝලීය ආර්ථිකය’ (Elderly Population and Global Economies) යන මාතෘකාව යටතේ සිදු කළ පර්යේෂණ ව්‍යාපෘතිය මෙම පිළිගැනීමට ලක්ව තිබෙනවා.

මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රතිඵල ලෙස උසස්ම මට්ට​මේ Q1 Scopus ප්‍රමිතියේ ශාස්ත්‍රීය සඟරා තුනකම පර්යේෂණ පත්‍රිකා පලකරන්නට හැකි වීම පර්යේෂයෙකුට කලාතුරකින් ලැබෙන ගෞරවයක් වනවා.

එවැනි පෙර අත් නොවිඳි පිළිගැනීමක් ලබා ගනිමින් ශ්‍රීලංකාව තුළ උසස් මට්ටමේ පර්යේෂණවල යෙදීම, ගෝලීය අධ්‍යයන පසුතලයේ SLIIT ආයතනය අත්කරගෙන ඇති කැපී පෙනෙන ස්ථානය තව දුරටත් තහවුරු කරනු ලබනවා.

එමෙන්ම හොං කොංග් පොලිටෙක්නික් (Hong Kong Polytechnic) සහ මලයාසියා සරවක් විශ්වවිද්‍යාලය (Universiti Malaysia Sarawak) වැනි ලෝක ශ්‍රේණිගත විශ්වවිද්‍යාල සේම SLIIT, ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස එක් පසෙකින් සුවිශේෂිවූ ස්ථානයක් හිමිකර ගනිමින් සිය ස්ථාවරය ඉහළ නංවා ගැනීම විශේෂත්වයක්.

තවද, ලෝකයේ අනෙකුත් ප්‍රධා​න පෙළේ විශ්වවිද්‍යාල වන, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය (National University of Singapore), හිරෝෂිමා විශ්වවිද්‍යාලය (Hiroshima University) සහ හොං කොංග් විශ්වවිද්‍යාලය (University of Hong Kong) යන විශ්වවිද්‍යාල ද විවිධ කාණ්ඩ යටතේ මෙම සම්මාන උළෙල වෙනුවෙන් නම් කර තිබෙනවා.

 එවැනි විශ්වවිද්‍යාල සමඟ කරට කර සිට ගනිමින්, SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨය කරනු ලබන පර්යේෂණ ව්‍යාපෘතිවල උසස් තත්ව​ය මේ අනුව පැහැදිලි වනවා.

අනෙකුත් ජාතික මට්ටමේ විශ්වවිද්‍යාල හා සසඳන කළ, SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨය විශේෂයෙන්ම ජාත්‍යන්තර තලයේ උසස් ශ්‍රේණිගත ශාස්ත්‍රීය සඟරාවල උපාධි මට්ටමින් කරනු ලබන අධ්‍යයන පර්යේෂණ සහ ප්‍රකාශන පත්‍රිකා වැඩිදියුණු කිරීම සඳහා සුවිශේෂී වූ ක්‍රියාමාර්ග ගැනීමට නිරන්තරයෙන් උත්සාහ ගැනීම බව සඳහන්.

ගෝලීය වශයෙන් සැලකුව​ද මෙම ආසියානු සම්මාන උළෙලට SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ උපාධි අපේක්ෂකයින් විසින් සිදු කළ පර්යේෂණයක් තෝරාගැනීමත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැළකිය යුතුයි.

SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨය 32 නෙකුගෙන් සමන්විතවූ උසස් පළපුරුදු උපාධිධාරී පූර්ණ කාලීන අභ්‍යන්තර ආචාර්ය මණඩලයකින්ද තවත් විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනත්වය ඇති බාහිර කතිකාචාර්යවරුන් බොහෝ ගණනකින්ද සමන්විතවනවා.

ඒ අතර මහාචාර්යවරුන් 10 දෙනෙකු සහ Ph.D.උපාධිධාරීන් 14 දෙනෙකු සිටීමද වැදහත් කරුණක්.

ඒ අනුව, විශ්වසනීයත්වයෙන් යුත් උසස් මට්ටමේ යාවත්කාලීන දැනුමක් සහ පුහුණුවක් එ​ම පීඨයේ සිසුන් වෙත ලබා දෙමින් පර්යේෂණ මත පදනම්වූ අධ්‍යාපනයක් ල​බා දෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස ප්‍රචලිත මෙම පීඨය, කලාපය තුළද ඉහළ නමක් තැබීමට අද සමත්ව තිබෙනවා.

THE Awards Asia 2024 සම්මාන උළෙල සඳහා SLIIT-UNI ආයතනය නම් කිරී​ම තුළින්, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවල පරිවර්තනීය වෙනස, ඒ සඳහා වන කැපවීම සහ ගෝලීය වේදිකාවට එහි වැඩිදියුණු වන බලපෑම පිළිබඳව පිළිබිඹු වනවා.

SLIIT ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පර්යේෂකයින් මෙම ගෞරවනීය අවස්ථාවට සහභාගී වීමට සැදී පැහැදී සිටින අතර එය SLIIT-UNI අයතනයේ උසස් අධ්‍යයන ගමන් මගේ තීරණාත්මක ජයග්‍රාහි සංධිස්ථානයක් සනිටුහන් කරනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles