දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා පැල්වත්ත සමාගමෙන් තවත් පියවරක්

ශ්‍රි ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම සිය ව්‍යාපාරික ගමන්මඟ තුළ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නව ආයතනික කාර්යාලය පසුගියදා අංක 234/2, ගාලු පාර, කොළඹ 03 පරිශ්‍රයේදී විවෘත කළා.

මෙම අවස්ථාව සඳහා පැල්වත්ත සමාගමේ සභාපති ආරියශිල වික්‍රමනායක මහතා, පැල්වත්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් හා නිලධාරින් මෙන්ම සැපයුම්කරුවන්,පාරිභෝගිකයින් රැසක් ද සහභාගී වුණා

එහිදී අදහස් දැක්වූ පැල්වත්ත සමාගමේ සභාපති ආරියශිල වික්‍රමනායක මහතා :

“පැල්වත්ත සමාගම ගොඩනැඟිමේ මුලික අරමුණ වුයේ තමන්ගේ නිෂ්පාදන වෙනුවෙන් සාධාරණ මිලක් අපේක්ෂාවෙන් සිටින දේශීය කිරි ගොවීන් නඟාසිටුවීමයි. ඔවුන්ට වඩාත් යහපත් ජිවිතයක් උදාකරනවා පමණක් නොව දේශීය කිරි නිෂ්පාදනයෙන් මෙරට කිරි කර්මාන්තය සමෘද්ධිමත් කිරිමත්, රටට වටිනා විදේශීය විනිමය ඉතිරි කරගැනීමත් මගේ බලාපොරොත්තුව විය.එම දැක්ම මත ආරම්භ වූ පැල්වත්ත සමාගම ක්‍රමානුකූලව දේශීය ආර්ථිකය තුළ ශක්තිමත්ව වර්ධනය වුණා. එයට හේතුව වුයේ උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් වඩාත් සුරක්ෂිතව පාරිභෝගිකයාට වඩාත් සාධාරණ මිලගණන් යටතේ වෙළෙඳපොළට නිකුත්කිරීමයි. අපගේ සියලු සමාජිකයන්ගේ මහන්සිය,කැපවීම හා ශක්තිය නිසාම මෙරට දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමය බවට පත්වීමට පැල්වත්ත සමාගමට හැකියාව ලැබී තිබෙනවා. පැල්වත්ත සමාගමේ අනාගතය වනුයේ අපේ තරුණ සේවක ප්‍රජාවයි. මෙම නිසාම ඔවුන් නඟාසිටුවීමට අපි නිරතුරුවම කටයුතු කරනු ලබනවා.”

“පැල්වත්ත සමාගම සාර්ථකව ගොඩනැඟීම තුළ අපගේ කාර්යය මණ්ඩලය අමතක කළ නොහැකියි. ඔවුන්ගේ කැපවීම හා මහන්සිය දුෂ්කර කාලපරාසවල පවා පැල්වත්ත සමාගම ශක්තිමත්ව ගොඩනැඟිමට උපකාරි වුණා. විශේෂයෙන්ම කොවිඩ් කාලසීමාව තුළ පවා වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකරමින් කැපවීමෙන් කටයුතු කළ සියලුම කාර්යමණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. කිරි යනු සෑම වයස් කාණ්ඩයක්ම එකසේ පරිභෝජනය කරනු ලබන නිෂ්පාදනයක්. වර්තමාන ජිවන රටාව සමඟ පාරිභෝගිකයා අපේක්ෂා කරනු ලබන නව වෙනස්කම් හා නව නිෂ්පාදනයන් රැසක් පැල්වත්ත සමාගම විසින් වෙළෙඳපළට හදුන්වාදෙනු ලැබුවා. විශේෂයෙන්ම පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒවා නිසිපරිදි නිෂ්පාදනය හා බෙදාහැරීමට අපගේ කාර්යයමණ්ඩලයට හැකියාවක් ලැබුණා. රට වසාදැමු කාලසීමාව තුළ පවා කිසිදු ගැටලුවකින් තොරව පාරිභෝගික හදිසි අවශ්‍යතා හඳුනාගනිමින් අඛණ්ඩ කිරි සැපයුම් සේවාවක් සිදුකිරිමට හැකිවීම පැල්වත්ත සමාගම ලබාගත් ජයග්‍රහණයක්.” කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ සිය අදහස් දැක්වුවා.

ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය වන කිරි, දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතා සියල්ල සපුරාලන තැනට පත්කිරීම උදෙසා විශාල මෙහෙවරක පැල්වත්ත සමාගම යෙදී සිටිනවා.

ශ්‍රී ලාංකීය කිරි නිෂ්පාදන ගුණාත්මකබව සහ විශ්වාසයේ සංකේතයක් ලෙස ලොවට හඳුන්වාදීම ප්‍රධාන අරමුණ වන පැල්වත්ත සමාගමේ ආයතනික කර්තව්‍යයන් තව තවත් විධිමත්ම හා සංවිධානාත්මකව ක්‍රියාත්මක කිරිම මෙම නව ආයතනික කාර්යාලයේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles