ලංකාවේ සමාගමක් ලෝකයේ තේ අපනයනකරුවන් අතර ඉහළ තැනකට

ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ Browns Investments PLC ගිවිසුමකට එළඹ තිබෙනවා.

මෙම ගිවිසුමට අනුව LIPTON Teas and Infusions සතු කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ තිබෙන තේ වතු, Browns Investments වෙත පැවරෙනු ඇති.

ඒ අනුව අදාළ තේ වතුවල අස්වැන්න LIPTON Teas and Infusions වෙත සැපයීම Browns Investments විසින් සිදුකිරීමට නියමිතයි.

මෙම දිගුකාලීන හවුල්කාරීත්වයට අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 87 ක් පමණ ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions වෙත සපයනු ඇති.

ඒ අනුව ලොව විශාලතම තේ අපනයනකරුවා බවට Browns Investments පත්වන බවයි වාර්තාවන්නේ.

මෙය Browns Investments විසින් සිදුකළ දෙවන විදෙස් ව්‍යාපාර අතපත් කර ගැනීම වන අතර මීට පෙර පසුගිය වසරේ දී James Finlay (Kenya) සමාගම ද සිය ව්‍යාපාර ගොනුව යටතට ගැනීමට ද Browns Investments සමත්වුණා.

Browns Investments PLC ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන අතර මතුරට ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්, උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හරහා එය වතු 49 ක් කළමනාකරණය කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles