මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ සහාය ඉල්ලා ඇති බව වාර්තා කරනවා.
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා, ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් මහතා පසුගිය (29) දා හමු වී තිබෙනවා.
මෙහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස සුපිරි නළු රජිනිකාන්ත් මහතා වෙත පුද්ගලිකවම ආරාධනා කර සිටි අතර ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි පිටිවහලක් වන බවටයි පවසා ඇත්තේ.
එසේම ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූ ‘Ramayana Trail’ අත්දැකීම ලබාගැනීමට ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් අවස්ථාව ලැබෙන බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

