ක්‍රෙඩිට් කාඩ් භාවිතය අඩුවෙලා

මෙම වසරේ මුල් කාර්තුව තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ක්‍රමයෙන් පහල ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු සක්‍රීය ක්‍රෙඩිඩ් කාඩ්පත් ගණන 1,952,991 ක්.

එය 2023 ජනවාරි මාසයේ දී කාඩ්පත් 1,942,272 ක් දක්වා ත්, 2023 පෙබරවාරි මාසය අවසන් වන විට 1,940,872 ක් දක්වාත් පහළ ගොස් තිබුණු අතර 2023 මාර්තු මස අවසන් වන විට එම ප්‍රමාණය කාඩ්පත් 1,939,541 ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

2023 මාර්තු අවසාන වන විට මෙම ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් වූ නොපිය වූ ශේෂය රු. මිලියන 140,509 ක් ලෙසින් වාර්තා වුණා.

මෙය 2022 වසර අවසානයේ දී සටහන්ව තිබුණේ රු. මිලියන 143,098 ක් ලෙසින් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles