සමහන් උඩුගුවනටත් යයි

CIC සමූහ ව්‍යාපාරයෙහි අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල් (Link Natural), මෙරටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවාව වන (SriLankan Airlines) සමඟින් එක් වී ගුවන් යානය තුළදී මගීන්ට පිළිගැන්විය හැකි ශාකෞෂධීය පානයක් ලෙස ලින්ක් සමහන් හඳුන්වා දී තිබෙනවා.

ලින්ක් නැචුරල් යනු ආයුර්වේද ඖෂධවලට අමතරව ශාකෞෂධීය සෞඛ්‍ය සත්කාරක සහ ස්වසත්කාරක නිෂ්පාදනයන්හි මෙරටේ ප්‍රමුඛතම නිෂ්පාදකයෙක් සේම අලෙවිකරුවෙක්.

එහි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, නිරෝගීබව සහ යහපැවැත්ම සඳහා දශක ගණනක් පුරාවට සම්ප්‍රදායිකව භාවිතා කරනු ලැබූ විශ්වාසනීය ආයුර්වේද ඖෂධ 14ක සාරයෙන් යුක්ත හා 100% ක්ම ස්වභාවික ශාකෞෂධීය පානයක් ලෙස කොයි කා අතරත් ප්‍රචලිතව තිබෙනවා.

එය නිතර පානය කිරීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට ද හැකියාවක් පවතිනවා.

පාරිභෝගිකයන්ගේ කැමැත්ත අනුව මෙය උණු වතුර, තේ, කෝපි ඇතුළු ඕනෑම උණුසුම් පානයක් සමග භාවිත කළ හැකි වීමද විශේෂත්වයක්.

නිරෝගීබව සහ යහපත් දිවිපැවැත්මකට උපකාරී වන ලින්ක් සමහන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව තුළ කෙටි ගුවන් ගමන් වලදී මෙන්ම දීර්ඝ ගුවන් ගමන් වලදීද මගීන්ට භුක්ති විඳීමට අවස්ථාව හිමිවීම සතුටට කරුණක්.

ලින්ක් නැචුරල්, නවීන මට්ටමේ පහසුකම් සහිත පුළුල් පරීක්ෂණ පදනම් කරගනිමින් උසස් ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන නිපදවන සමාගමක් වන අතර ජාතික සහ සහ ජාත්‍යන්තර වෙළඳපොළට ළඟාවන නිෂ්පාදන වල දැඩි තත්ත්ව පරීක්ෂාවක් සහ නියාමන ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට ද දැඩිව අවධානය යොමු කර තිබෙන බව ඔවුන් සදහන් කළා.

අද වන විට ලින්ක් සමහන් ලෝකයේ රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරනුලබනවා .

ලොව පුරා පාරිභෝගිකයන්ගේ ද විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇති ලින්ක් සමහන් ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය සුපිරි නිරූපිකාවක වන නයෝමි කැම්බල්, වෝග් ඉන්දියා සඟරාව සමග මෑතකදී කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක් අතර තුරදී මෙම නිෂ්පාදනය පැසසුමට ලක් කර තිබීමද විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles