සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් කොටසකට රුපියල් 28.84ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී (BREW.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 28.84ක් ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කළේ.

මෙය 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම පැවසුවා.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ජූලි 14 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස (XD Date) ජූනි 22 වැනිදා නම් කර තිබෙනවා.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ප්වාසුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles