ශ්‍රීලංකන් ගැන ඉන්දීය සමාගම් උනන්දුවෙන්

ප්‍රතිව්‍යූහගතකරණය සඳහා මේවන විට අභිලාෂ කැඳවා තිබෙන ශ්‍රීලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඉන්දියාවේ සමාගම් කිහිපයක්ම උනන්දුව දක්වා ඇති බව වාර්තාවී තිබෙනවා.

The Hindu Business Line පවසන්නේ ඒ අතර ගුවන් සේවා කර්මාන්තයේ නිරත සමාගම් මෙන්ම ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන සමාගම්ද ඇති බවයි.

මේ පිළිබඳව කළ විමසීමකට ඊමේල් මගින් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකිරීමේ කමිටුවේ සභාපති සුරේෂ් ෂා මහතා මේ බව පැවසූ බව The Hindu Business Line වැඩිදුරටත් සඳහන් කරනවා.

“ගුවන් සහ ගුවන් නොවන දෙඅංශයටම අයත් සමාගම් මේ සඳහා උනන්දුව පළ කර තිබෙනවා. ඒවා ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක සමාගම්“, යනුවෙන් එහි සඳහන් බව The Hindu Business Line පවසා ඇති බවයි සඳහන්වන්නේ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ 99% කට වැඩි කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුවන අතර 2024 ජූනි මාසයට පෙර එම හිමිකාරීත්වය අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව රජය මීට පෙර නිවේදනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles