ශ්‍රී ලංකාවේ පැරණිතම ලෙදර් සමාගමක අයිතිය කෝටි 65කට විකුණයි

සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් හි කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට Ambeon හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් කටයුතු කර තිබෙනවා.

සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 99.80% ක් Ambeon හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පැවතුණා.

මෙම ගනුදෙනුව පසුගිය 14 වෙනිදා සිදුකළ බව Ambeon හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබෙනවා.

රු. මිලියන 650 කට මෙම ගනුදෙනුව සිදුව ඇති බවටයි අනාවරණය වන්නේ.

ඉලයතම්බි තවඥානසුන්දරම් සහ ඉලයතම්බි තවඥානසූරියම් යන මහත්වරුන් විසින් සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගම මිල දී ගැනීම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් යනු වසර 74ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන සමාගමක්.

එය ලෙදර් පාවහන් සහ ලෙදර් නිෂ්පාදිත සැකසීමේ සහ නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles