‘ජයශ්‍රී’ ලා කියන මොකක්ද මේ දියමන්ති කතාව

දිගු කාලයක නිහැඬියාවකින් පස්සේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් කරපු ජය ශ්‍රී කණ්ඩායමේ අයියා මලෝ දෙන්නා අළුත් වෙනසකට මුල පුරලා තියෙනවා. තවමත් හරිහැටි හෙළිදරව් නොකරපු මේ කටයුත්තට දියමන්තිවල සම්බන්ධයකුත් තියෙන බව ජය ශ්‍රී පසුගියදා අනාවරණය කළා.

මේ අලුත් වැඩේ ගැන අදහස් දක්වපු ජය ශ්‍රී කියන්නේ, ‘රුවිතයක් කියලා කියන්නේ ඩයමන්ඩ් එකක්, එන්න යන්නේ. ලස්සන වැඩක්. හොඳ ටීම් එකක්. අපිට යුනික්, ඔපදාගන්න එක අපිම කරගන්නවා’ කියලයි.   

ජය ශ්‍රී ලා කියන මේ අලුත් ව්‍යාපෘතිය දැවැන්ත ප්‍රසංග මාලාවක් ද අලුත් සෙල්ලමක් ද නැතිනම් දියමන්ති ව්‍යාපාරයක් ද කියන එක ගැන නම් පැහැදිලි හෙළිදරව්වක් තවම කරලා නැහැ. කොහොමවුණත්, ජය ශ්‍රී කරන මේ අලුත්ම කටයුත්තට රුවිතයක සම්බන්ධයක් තියෙන බවත් මේ අයියා මලෝගේ කතාබහේදී හෙළිදරව් වුණා.

ජය ශ්‍රී රොහාන් මේ ගැන කියන්නේ ‘බඩු සැරයි – සැප ගොඩ’යි කියලා. ඇත්තටම, රොහාන් කියන මේ බඩු මොනවද කියන එක එයාලා තවම මාධ්‍යට නම් හෙළිදරව් කරලා නැහැ.

ජය ශ්‍රී ලා එක්ක මේ කටයුත්තට දැවැන්ත පිරිසකුත් එකතු වෙලා ඉන්නවා. යාපනය වගේම ලංකාවේ ආකර්ශණීය තැන් ගණනාවක දී මේ ව්‍යාපෘතියට අදාළ කටයුතු කෙරුණු බවත් ජය ශ්‍රී අයියා මලෝ කියනවා.

‘ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වලට ගිහිල්ලා, ගොඩක් මහන්සි වෙලා, ලස්සන වැඩක් කරගෙන යනවා’ කියලයි.

අපි බලන් ඉමු මොකක්ද මේ වෙන්න යන්නේ කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles