ඉන්දීය සුරුපිණියන්ගේ හැඩ වූ Mrs. India 2023

ඉන්දියවේ විවාහක රූ රැජින තරඟාවලිය Mrs India මෙවර පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදීයි.

සිව්වෙනි වරට පැවැත්වූ මෙම තරඟයේ අවසන් තරඟවටය අති උත්කර්ෂවත් අන්දමින් කොලඹදී පසුගියදා පැවැත්වුණා.

ඒ කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදීයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් අතිශය ජනාදරත්වයට පත් වූ යොහානි ද සිල්වාගේ ඉදිරිපත් කිරීම මෙහි දී කැපී පෙනෙන අංගයක් බවට පත්වුණා.

මෙම වසරේ Mrs India තරඟය වෙනුවෙන් තරඟකාරිනියන් 75 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.

ඉන් තෝරාගත් සුරූපී විවාහක තරුණියන් 25 දෙනෙක් අවසන් මහා තරඟයට තේරී පත්වුණා.

එම තරඟයෙන් මෙවර Mrs India ලෙස කිරුළ පළදනු ලැබූවේ චේතනා ජෝෂි තිවාරි මහත්මියයි.

ජයග්‍රහිකාවට කිරුළ පැළදවීම සිදු කෙරුනේ සුරූපී ඉන්දියානු නර්තන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක්ද වූ මල්ලිකා අරොරා විසින්.

29 හැවිරිදි චේතනා ජෝෂි තිවාරි යෝගා පුහුණු කරන්නියක්.

ඇය සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්, බිරිඳක් මෙන්ම මවක්ද වනවා.

Mrs India Inc. මෙම වසරේ පැවැත්වෙන Mrs. World \ Mrs galaxy | Mrs Earth | Mrs international යන තරඟවලට ඒකාබද්ධව පැවැත්වීම විශේෂත්වයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles