ශ්‍රී ලංකාවේ නවතම සුපිරි සාප්පු සංකීර්ණය ‘හැව්ලොක් සිටි මෝල් ‘ (Havelock city mall) අද (19) විවෘත කෙරුණා.
කොළඹ නගර මධ්‍යයේ හැවිලොක් ටවුන්හි පිහිටි මෙහි සුපිරි සාප්පු සවාරි සහ විනෝදාස්වාදය සපයන ප්‍රමුඛ ස්ථානයක් බවට පත්වෙනු ඇති.
ඕවර්සීස් රියල්ටි (සිලෝන්) ප්‍රයිවට් ලිමිටඩ් කෝපරේෂන් විසින් සංවර්ධනය කර තිබෙන මෙම සාප්පු සංකීර්ණය වර්ග අඩි 200,000 කට වඩා විශාලත්වයකින් යුක්තයි.
.ODEL, Mango,Cool Planet, Mimosa,Sona Mandhir ඇතුලු විලාසිතා සාප්පු,Singer,Abans,Samsung,iStudio ඇතුළු විදුලි හා ඉලෙක්ට්‍රොනික් සාප්පු, Roots, PappaRich,Harpors,Pizza Hut,KFC,Burger King ඇතුළු ආහාර පාන අවන්හල්, Cargills Food Hall සුපිරි වෙළෙඳ සැල, Scope Cinema, ඇතුළු ප්‍රමුඛතම සන්නාම සමග අත්වැල් බැඳගෙන තිබේ.
අලෙවිසැල් 132 ක විලාසිතා , විනෝදාස්වාද, ආහාර පාන වර්ග, සේවා, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ සහ තෑගි ඇතුළු විවිධ දේ ඇතුළත්.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විශාල ආකෘතියේ IMAX සිනමා ශාලා ආසන 1,000ක, තිර හයේ බහුපරිමාණයකින් නිමකර තිබෙනවා.
කුඩා දරුවන්ට විනෝද ඒකකයක් මෙන්ම Jungle Zone කඳු නැගීමේ පවුර Ocean Zone ජල ක්‍රීඩා ක්‍රියාකාරකම් රාශියක් සහිත ක්‍රීඩාවන්ද ඉදිරිපත් කරයි. මුළු පවුලටම ඒආර් සහ වීආර් ක්‍රීඩා පිරිනමන ක්‍රීඩා ආකේඩ් එකකින් සමන්විතයි.
