ඉතිහාසයේ දැවැන්තම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට මහ බැංකුව සූදානම්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

එළඹෙන බදාදා (17) මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතය.

මෙය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ කැඳවා ඇති විශාලතම බිල්පත් වෙන්දේසිය බවට වාර්තා වේ.

කල්පිරීමේ කාලය අනුව දින 91 බිල්පත් රු. මිලියන 90,000 ක සහ දින 182 හා දින 364 බිල්පත් රු. මිලියන 45,000 බැගින් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles