ලංකාවේ ලොකුම බියර් සමාගමක් හැරී ජයවර්ධන මිලදී ගනී

ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමඟ ඊයේ (17) දිනයේදී ගිවිසුමකට එළඹී ඇති බව ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතා පවසනවා.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් ඒ මහතා පවසන්නේ Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගමේ සියලු කොටස් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විසින් මිලදී ගත් බවයි.

එසේම Heineken ජාත්‍යන්තර සන්නාම කළඹෙහි අන්තර්ගත Heineken@, Tiger සහ Anchor සන්නාමයෙන් එන නිෂ්පාදිතයන හි වෙළෙඳනාම බලපත්‍ර හිමිකාරීත්වයද මේ අනුව DCSL PLC සතුවනු ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles