The Coca-Cola Foundation, Eco Spindles සහ Janathakshan එක්ව කොළඹ නගරයේ ප්ලාස්ටික් දුෂණය පිටුදැකීම සදහාඅ ‘Eko Wave’ අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානය නිමවයි

Coca-Cola පදනම (TCCF), Eco-Spindles සහ Janathakshan විසින් 2023 ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව කොළඹදී ‘Eko Wave’ නමින් අපද්‍රව්‍ය පෙර සැකසුම් මධ්‍යස්ථානයක් (Material Recovery Facility – MRF) මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා සහභාගීත්වයෙන් නිල වශයෙන් දියත් කළා.

‘ප්ලාස්ටික් දුෂණය සඳහා විසඳුම්’ යන එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දින තේමාව අනුව යමින් ගනු ලැබූ වැදගත් පියරක් ලෙස කොළඹදී දියත් කරන ලද මෙම Eko Wave MRF මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකියි.

එමගින් පාරිසරික තිරසාරභාවය සඳහා ඔවුන්ගේ ඇති දැඩි කැපවීම මැනවින් පෙන්නුම් කෙරෙන අතර මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශක්තිමත් විසඳුමක් ද වනවා.

මෙම MRF මධ්‍යස්ථානය විශේෂ තාක්ෂණය සහ අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ නව්‍ය ක‍්‍රම භාවිතා කරමින් කලාපයේ දැනට පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ අභියෝගවලට කදිම විසඳුමක්.

මෙම MRF මධ්‍යස්ථානය සඳහා අරමුදල් සපයන ලද්දේ Coca-Cola හි පරිත්‍යාගශීලී අනුග්‍රාහකයා වන Coca-Cola පදනම (TCCF), සහ ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නා වන Eco Spindles.

එය ක‍්‍රියාත්මක කරනු ලැබුවේ ලාභ නොලබන සංවිධානයක් වන Janathakshan (GTE) Ltd කොළඹ දිස්ත‍්‍රික්කයේ අපද්‍රව්‍ය එකතු කිරීමේ කි‍්‍රයාදාමය ශක්තිමත් කරමින් මෙම Eko Wave හරහා මසකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 20,000කට වැඩි ප‍්‍රමාණයක් එකතු කර ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ අරමුණින්.

ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස කොළඹින් දිනකට අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 1057.5ක් පමණ ජනනය වනවා.

Eko Wave විසින් මෙයට පිළියමක් ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම තවත් පුළුල් කිරීම සඳහා අවිධිමත් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය සමඟ සම්බන්ධ වීමෙන් පූර්ව පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles