ධම්මික​ත් ශ්‍රී ලංකන් මිලට ගන්න කැමැති වෙ​ලා

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයතන අතරට මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා​ගේ Hayleys PLC ආයතනයද ඇතුලත්ව තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙම අභිලාෂ කැඳවීමට අදාළ කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ නම් අද (22) අනාවරණය කළා. 

Hayleys PLC යනු මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර එහි පාලක කොටස් හිමියා වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතායි.

ශ්‍රීලංකන් ආයතනය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති Hayleys PLC ආයතනයේ කොටස්වලින් 51.01%ක හිමිකාරීත්වය ව්‍යාපාරික ධම්මික පෙරේරා මහ​තා සතු වනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles