ඇම්බියොන් හෝල්ඩිංග්ස් රු.බි. 2.3කට දංකොටුව පෝසිලේන්හි 50.1%ක් විකුණයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි (GREG.N0000) පරිපාලිත සමාගමක් වන දංකොටුව පොර්සිලේන් පීඑල්සී සමාගමෙහි (DPL.N0000) 50.1%ක කොටස් ප්‍රමාණයක් අලෙවි කළ බව එම සමාගම පවසනවා.

ජූනි 15දා මෙම ගනුදෙනුව සිදුව තිබෙනවා.

ඒ අනුව මෙරට තුළ ආයෝජන සමාගමක් ලෙස ක්‍රියාත්මක Ceyline Investments (Private) Limited සමාගම මගින් මෙම මිලදී ගැනීම සිදු කර තිබෙනවා.

ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට රුපියල් බිලියන 2.3කට (2,304,600,000) මෙම ගනුදෙනුව සිදුව තිබෙනවා.

දංකොටුව පොසිලේන් පීඑල්සී සමාගමට අනුව 2023මාර්තු 31 වැනිදාවනවිට එම සමාගමේ සමස්ත කොටස් හිමිකාරිත්වයෙන් කොටස් 117,860,734ක් ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත හිමිව තිබුණි. එය ප්‍රතිශතයක් ලෙස 72.51%ක්.

මෙහිදී ඇම්බියොන් හෝල්ඩිංග්ස් අලෙවි කළ 50.1%ක කොටස් හිමිකාරීත්වයෙන් පසුව එම සමාගම වෙත දංකොටුව පෝසිලේන් පීඑල්සීහි තවත් 22.41%ක ප්‍රතිශතයක් හිමියි.

ඒ අනුව දංකොටුව පොසිලේන් පීඑල්සීහි වත්මන් වැඩිම කොටස් හිමිකරුවා ලෙස 50.1%ක කොටස් ප්‍රතිශතයක් සමගින් Ceyline Investments (Private) Limited සමාගම පත්ව සිටියි.

එසේම 22.41%ක කොටස් ප්‍රතිශතයක් සමගින් ඇම්බියොන් හෝල්ඩිංග්ස් එහි දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා ලෙස සිටියි.

මිට අමතරව තෙවැනි වැඩිම කොටස් හිමිකරුවා ලෙස අල්මාස් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම වෙත කොටස් 17,421,686ක් හිමිව තිබේ. එය 10.72%ක ප්‍රතිශතයකි.

කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු අතරතුරදී දංකොටුව පෝසිලේන් පීඑල්සීකොටසක වටිනාකම රුපියල් 26.60ක් බවට පත්ව ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව රුපියල් 1.10ක ඉහළ යාමක් එනම් 4.42%ක වර්ධනයක් ද වනවා.

මේ අතර ඇම්බියොන් හෝල්ඩිංග්ස් දින දෙකක් තුළදී සිය පරිපාලිත සමාගම්හි කොටස් අලෙවි කළ දෙවැනි අවස්ථාවද මෙය වනවා.

එම සමාගම තම පරිපාලිත සමාගමක් වූ සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගමේ 99.80%ක කොටස් හිමිකාරීත්වය අත්හැර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles