කොළඹ නගරයේ හදවතේ පිහිටි අලුත් වුණු හෝටලය | Hotel Nippon

නිපොන් හෝටලය රටේ පළමු හෝටල් 5 න් එකක් ලෙස අභිමානයෙන් සහ ගෞරවයෙන් ඉතිහාසයට එක්වෙනවා.

යටත් විජිත යුගයේ ඉදිකරන ලද මෙමහෝටලය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් නම් කළ පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයක්.

ස්වාධීනව පෞද්ගලික අංශයේ දේපලක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම හෝටලය තරු 4 මට්ටමේ ශ්‍රේණිගත කිරීමකින් සම්පූර්ණයෙන්ම සහ අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කර නවීකරණය කර තිබෙනවා.

කාලය සහ ප්‍රවේශය ඉතා වැදගත් යුගයක, Hotel Nippon හි පිහිටීම පාරිභෝගිකයින්ට විශාලතම වාසියක් වනවා.

නගරයේ හදවතෙහි පිහිටුවා ඇති මෙම හෝටලය ඕනෑම සංචාරකයෙකු සඳහා කදිම ගිමන් නිවගැනීමේ නවාතැන්පලක්.

පෞද්ගලිකත්වය සහ සුවපහසුව මූලික කරගනිමින් Deluxe හෝ Superior කට්ටල වලින් තෝරාගැනීම සදහා විසිත්ත කාමර රැසක්ද මෙවුන් සතු වනවා.

අලංකාර ලෙස නිමවා ඇති Family Suite කාමර පසුකම ඔබගේ ආදරණීයයන් සමඟ සුවදායි ගිමන් නිමාවකට මගපාදා දී තිබෙනවා.

බහුකාර්ය රැස්වීම් අවකාශයක් ද මෙහි තනා ඇති බැවින් ඔබගේ කාර්යාල කටයුතු සදහා වෙන්කරගැනීමට හැකියාවද පවතිනවා.
ඔවුන්ගේ විශිෂ්ට සේවා කාර්ය මණ්ඩලය සහ සුප්‍රසිද්ධ ආහාර පාන ඔබට වඩාත් උසස් අත්දැකීමක් ලබාදෙනවා.

මෙම හෝටලය ශ්‍රී ලංකාවේ හොඳම, ඉන්දියානු ආහාර පිළිගැන්වීම සඳහා වෙන්වූ ප්‍රසිද්ධ අවන්හලක් ද පවතිනවා.

බාර් එකකින්ද සමන්විත මෙහි ඔබට වඩාත් උසස් අත්දැකීමක් ලබාගැනීම සදහා වෙලාවක් වෙන්කරගන්නා ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles