මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක්

6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන 5 වැනිදා සිට 10 වැනිදා දක්වා චීනයේ ශැංහයි නගරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා Fortune 500 ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් 289ක් එක්වීම විශේෂත්වයක්.

වෘත්තීයමය වශයෙන් සහභාගි වන්නන් ලක්ෂ 4කට අධික පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී තිබෙන බව සදහන් වනවා.

“එක් තීරයක් එක් මාවතක්” තේමාවට මෙවර ප්‍රදර්ශනයේ වැඩි අවධානයක් යොමුවන අතර, එම වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් 64 ක් ඊට සහභාගි වන අතර, ව්‍යවසාය ප්‍රදර්ශනයට සමාගම් 1,500කට වැඩි සංඛ්‍යාවක් එක්වන බව සදහන් වනවා.

මෙවර ප්‍රදර්ශනය වර්ග මීටර් 80,000 ක පමණ භුමි භාගයක පැවැත්වෙන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 30% ක පමණ වැඩිවීමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles