Tesla ඉන්දියානු සම්ප්‍රාප්තිය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්, ඉන්දියාවේ සැලකිය යුතු ආයෝජනයක් සිදුකරන ලෙසට තමන් වෙත ආරාධනා කර සිටින බව Tesla ප්‍රධාන විධායක එලොන් මස්ක් පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය අතරතුර අගමැතිවරයා හා Tesla ප්‍රධානියා අතර හමුවක් ඊයේ (20) එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පවත්වා තිබෙනවා.

එහිදී ඉන්දියාවේ නිෂ්පාදන පදනමක් පිහිටුවීමේ සැලසුම් පිළිබඳව එලොන් මස්ක් විසින් අගමැති මෝදි ට දැනුම් දී තිබෙනවා.

සූර්ය බලශක්තිය, stationary battery packs සහ විදුලි වාහන ඇතුළු තිරසාර බලශක්ති අනාගතයක් සඳහා ඉන්දියාවට ප්‍රබල විභවයක් ඇති බවත්, SpaceX හි Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ඉන්දියාවට ද ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් මස්ක් මෙහිදී පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles