දින පහක් බැංකු සහ වෙළෙඳ පොළ වසා දමයි- ජුනි 30 වෙනිදා පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්

ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය (29) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ජූනි 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවයි.

මේ අතර දින පහක(05) කාලයක් වාණිජ බැංකු වසා තැබුවත් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර සහ ඔන්ලයින් බැංකු ගනුදෙනු ඇතුළු නවීන පහසුකම් යටතේ ගනුදෙනු කිරීමට හැකියාව ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (25) රාත්‍රියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරසිංහ මහතා මේ බව සදහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා :

රජය මුදල් අමාත්‍යංශය සාකච්ඡා කරලා තීරණය කළා ලබන 30 වැනිදා බැංකුවලට නිවාඩු ලබාදෙන්න.

ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහායි. ඒ පිළිබඳව මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය අවසන් එකඟතාවකට ඇවිත් තිබෙනවා.

එය ක්‍රියාත්මක කිරීම සඳහා කිසියම් කාල පරාසයක් අවශ්‍ය වනවා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මුදල් කාරක සභාවට යොමුකළ යුතුයි.

දින පහක කාලයක් බැංකු වසා තබා වෙළෙඳ පොළ වසා තැබීම තුළ මෙම ක්‍රියාවලිය අවසන් කළ හැකියි.

බැංකු වසා තැබීම වෙන කිසිම හේතුවක් නිසා සිදු නොකරන බව අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles