‘The Kandos Shop’ 14 වෙනි අලෙවිසැල කළුබෝවිල දී දැන් විවෘතයි

දශක හයක් පුරා දේශීය චොක්ලට් නිෂ්පාදනයේ ජාතික සන්නාමය බවට පත්ව ඇති KANDOS නිෂ්පාදන රැසක් ඇතුළත් 14 වෙනි අලෙවිසැල ඉකුත් 3 දාට යෙදී තිබුණු සුභ මොහොතින් කළුබෝවිල රෝහල පාර අංක 130/A (කීල්ස් සුපිරි වෙළඳ සංකීර්ණය අසල) දි විවෘත විය.

වර්ග අඩි 1300කින් සමන්විත නවීන පහසුකම් ආදියෙන් යුත් මෙම වෙළඳසැලට පිවිසීමේදී රටක් රසගැන්වූ KANDOS නිෂ්පාදන වන විවිධ වර්ගයෙන් සහ හැඩයන්ගෙන් යුත් අතින් නිමවන ලද කැන්ඩොස් චොක්ලට් වර්ග, චොක්ලට් අතුරුපස වර්ග, චොක්ලට් කප් කේක් ඇතුළු කැන්විටා (Kanvita) සිසිල්/උණුසුම් බීම මිලදී ගැනීමට සහ එම ස්ථානයේ සිටම රස විඳිමෙි පහසුකම් පාරිභෝගික ජනතාවට උදා වන අතර සැබෑ චොක්ලට් රසය මෙන්ම චොක්ලට් පිළිබඳ නැවුම් අත්දැකීම් රැසක්ද අත්විඳීමේ හැකියාව දැන් ඔබට උදා වී ඇත.

සමාරම්භක උත්සවයට සඳහා සමූහ කළමනාකරණ අධ්‍යක්ෂක නිමල් වෙල්ගම මහතා, අධ්‍යක්ෂිකා කරිෂ්මා වෙල්ගම මෙනවිය, ප්‍රධාන විධායක නිලධාරී P.K.D.S සමන්ත මහතා ඇතුළු කළමනාකරුවන් සහ විධායක නිලධාරීන් සම්බන්ධ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles