රුපියලේ අගය ඉහළට

2023 ජූලි 31 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගයයන් අද (07) රුපියල් 327.73 ක් ලෙස වාර්තා වී තිබුණා.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද එක්සත් ජනපද ඩොලරය ගැනුම් මිල රුපියල් 321.59ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 331.96ක් ලෙසත් වාර්තා වී තිබෙනවා.

ඊයේ (06) ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගයන් වාර්තා වූයේ පිළිවෙලින් රුපියල් 323.94ක් හා රුපියල් 334.40ක් වශයෙන්.

එම අගය පසුගිය නොවැම්බර් 03 වන දින රුපියල් 329.06 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles