සෙලාන් කාඩ්පත් වෙතින් ගනුදෙනුකරුවන්ට තවත් වාසියක්

සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රමුඛ පෙළේ රථවාහන නඩත්තු සේවා ආයතන කිහිපයක් සමග එක් වී සිය ගනුදෙනුකරුවන් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී තිබෙනවා.

U&H Wheel Service, DSI Tyres, Crown Tyres Pvt Ltd, Universal Tyre, Prince Tyre Service, Ideal Motors (Pvt) Ltd, Indra Motor Spares සහ Pink Auto Shop යන ආයතන මේ සඳහා සෙලාන් කාඩ්පත් සමග එක් වී සිටිනවා.

මෙම පහසු ගෙවීමේ ක්‍රම ලබා ගැනීම සඳහා කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ, ඉහත සඳහන් ආයතන වෙතින් රථවාහන නඩත්තු සේවාවන් ලබාගත් පසුව අදාළ ගෙවීම සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පතකින් සිදුකර, දින 7 ක් ඇතුළත සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය අමතා එම ගෙවීම පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ගෙවීමට සලස්වන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීම පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles