SLT Mobitel වෙතින් සුපිරි Unlimited පැකේජ් එකක්

අද වෙද්දී විවිධාකාර පැකේජ් තිබුණත් සමහර වෙලාවට ඩේටා වලට වගේම කෝල්ස් වලටත් වෙන වෙනම පැකේජ් දාන්න සිද්ධ වෙලා තියෙනවා. SLT Mobitel One Shot කියන්නේ ‍මේකට ‍තියෙන හොඳම විසඳුම. One Shot ප්‍රීපේඩ් පැකේජ් එකෙන් යූ ටියුබ්,‍ ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප් ‍වගේම මැසෙන්ජර් ඇතුළු ඇප් 6 ක් දවස් 7 ක් නැත්නම් දවස් 30 ක් පුරාවට Unlimited පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා.

දවස් 7 පැකේජය රු. 289 කට ලබාගන්න පුළුවන් වගේම දවස් 30 පැකේජයට වැය වෙන්නේ රු. 989 ක් පමණයි.

මේ සියලුම පැකේජයන්ට අමතරව වැඩිපුර ඩේටා හිමිකරගන්න පුළුවන් වීමත් මින් ලැබෙන අමතර වාසියක් වෙනවා.

මීට අමතරව දවස් 7 ට වැඩිපුර 7 GB ඩේටා වගේම, දවස් 30 ට 30 GB වැඩිපුර ඩේටා ලැබෙනවා. One Shot කවුරු මොනවා කිව්වත් රියල්ම Unlimited ප‍ැකේජ් එක නිසා හිතේ හැටියට මේ ඕනම ඇප් එකක් පාවිච්චි කරන්න වගේම ඕනම ජාලයකට Unlimited calls හා SMS පහසුකම් ලබාගන්නත් දැන් අවස්ථාව තියෙනවා.

One Shot පැකේජය පහසුවෙන්ම සක්‍රීය කරගන්න පුළුවන්. Self care App එක හරහා, නැත්නම් #170# හෝ අදාළ මුදල රීලෝඩ් කරලා මේ පැකේජ් එක පහසුවෙන්ම ඇක්ටිවේට් කරගන්න අවස්ථාව තියෙනවා.

ලංකාව ඇතුළේ කොතැනක ගියත් පුළුල්තම ආවරණයක් තියෙන වේගවත්ම ජාලය නිසා කොතැනක ගියත් ඉන්ටර්නෙට් ස්පීඩ් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වරින් වර සිම් මාරු කරලා වෙනම පැකේජ් ඇක්ටිව් කරගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

One Shot. හැබෑම Unlimited ප‍ැකේජ් එකක් වෙන්නේ අන්න ඒ නිසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles