ඩොලරයේ අගය රුපියල් 300නුත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (18) රු.300න් පහළ අගයක් දක්වා පහළ වැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු.299.21 ක් ලෙස හා විකුණුම් මිල රු.312.37 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ.

මේ අතර, මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාත දැක්වෙන සටහන්වල එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අගය රු.300 සීමාවට වඩා පහළ අගයක් ගෙන තිබුනා.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.59ක් වන අතර විකුණුම් මිල රු. 313.52ක් ලෙසයි දැක්වුණේ.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92ක් වන අතර විකුණුම් මිල රු. 310ක් ලෙසයි දැක්වුනේ.

සම්පත් බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300ක් ලෙසත් විකුණුම් මිල රු. 312ක් ලෙසත් දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles