ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන ඒමේ සුදානමක්?

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මඟින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට හැකියාව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම වාර්තාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයන කිරීම මගින් සංවර්ධන කර්මාන්තකරුවන්ට සාධාරණ මිලකට ඒවා ලබාදීමට හැකි අතරම ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවට අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවයි.

අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles