ධම්මික පෙරේරා “DP Education IT Campus” 60 වැනි මධ්‍යස්ථානය විවෘත කරයි

අධ්‍යාපනය ලබාදීමෙන් තොරව රටක් දියුණු කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඔහු මේබව සදහන් කළේ පුස්සැල්ලාව ප්‍රදේශයේදී ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් හි නව ශාකාවක් විවුර්ත කිරීමේ උත්සවයකට එක්වෙමින්.

පුස්සැල්ලාව ශ්‍රී මන්තින්දාරාම විහාරයේ ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් හි විවෘත කිරීම සහ ව්‍යාපෘති 100 ඉක්මවූ සිසුන් හට සහතික පත්‍ර ප්‍රදානය ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා පැවැත්වුණා.

මීට අමතරව එදිනම ඩීපී එඩියුකේෂන් ඩිජිටල් පන්ති කාමරයක් විවෘත කිරීමද සිදු කෙරුණා.

මෙලෙස විවෘත කෙරුණේ “ඩී.පී.එඩියුකේෂන් අයි.ටී. කැම්පසේ” හි 60 වැනි මධ්‍යස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles