ශ්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් 2024 සඳහා ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරයි

2024 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වනපාර මෙහෙයුම් සමාරම්භක උත්සවය ජනවාරි මස 1 වැනි දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී  ආගමික කටයුතු වලට මුල්තැන දෙමින්  උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කර​නු ලැබුවා.

මෙම අවස්ථාවේදී 2024 වසර සඳහා වන ආයතනයේ ව්‍යාපාරික අරමුණු කරා රැගෙන යන තේමාව වන විශේෂීකරණය හරහා පාරිභෝගික කේන්ද්‍රියත්වය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි අධ්‍යක්ෂ මණ්ඩලය, ආයතනික කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර  ප්‍රධාන කාර්යාලයේ උත්සවයට සමගාමීව දිවයින පුරා සියලුම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා වලදී  ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සව පවත්වා තිබෙනවා.

එමෙන්ම  ශාඛා ජාලයේ කාර්යමණ්ඩලය වෙනුවෙන් ප්‍රධාන කාර්යාලයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ උත්සව කටයුතු සජීවිට විකාශනය කිරීමද සිදු කෙරුණා.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විශාලතම සහ ශක්තිමත්ම රාජ්‍ය රක්ෂණ සමාගම ලෙස වසර 62ක කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කෙරුණු අතර  රක්ෂණික ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය රඳා පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිරන්තයෙන් තම දායකත්වය රක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදී තිබෙනවා.

2023 වසරේදී  පොදුවේ ගත් කල සියලුම ව්‍යාපා​ර වලට අභියෝගාත්මක වසරක්වූ අතර එම අභියෝග වලට සැලසුම් සහගතව මුහුණ දෙමින් එම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්වුණා.

එමෙන්ම  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගමක් සතුව ඇති දැවැන්තම වත්කම් සම්භාරයට සහ ජිවිත අරමුදලට හිමිකම් කියනු ලබනවා.

 එසේම රක්ෂණ ක්ෂේත්‍රය තුල ප්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2022 වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියක් වෙත රු. බිලියන 10.4 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ලබාදීමට සමත්වී තිබෙනවා.

 මේ අනුව පසුගිය වසර 16 මුළුල්ලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප්‍රකාශයට පත් කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 92.8 ක අගයක් ලෙසද සටහන්වනවා.

 තවද 2023 වසර අවසානයේ ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජිවිත රක්ෂණ අංශය රු. බිලියන 21ක් රක්ෂණ වාරික අදායම් ලෙසද, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ අංශය රු. බිලියන 23.4 ක් රක්ෂණ වාරික අදායම් ලෙසද වාර්තා කරමින් සාර්ථක වසරක නිමාවක් සනිටුවහන් කළා.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සියලුම සේවකයින්ගේ කැපවීම සහ වෙහෙස මහන්සිවී වැඩ කිරීම පසුගිය වසර තුළ සමාගමේ මූල්‍ය සාර්ථකත්වයට සහ බොහෝ ජයග්‍රහණ සඳහා දායකව ඇති අතර පසු ගිය කාලය තුල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අභියෝග රැසකට මුහුණ දුන් බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි සභාපති ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා, තම නව වසර සුභ පැතුම් පැණිවුඩය තුල ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles