රේනෝ සිල්වාට බිලියන 1.4ක ලාභයක්

හිරු Tv සහ හිරු Fm ඇතුළු ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රේනෝ ද සිල්වා මහතා බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව තුළ ඇති සිය කොටස් හිමිකාරීත්වය 8.5%ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත්ව තිබෙනවා.

Dailyft පුවත්පත් වර්තාවක පෙන්වා දෙන්නේ ඔහු සතු Phantom Investments සමාගම වෙත මෙම කොටස් ප්‍රමාණය හිමිව ඇති බවයි.

ඒ අනුව රුපියල් බිලියන 1.4ක් පමණ ආයෝජනයට කොට කොටස් මිලියන 27කට ආසන්න ප්‍රමාණයක් මිලට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මස සම්පත් බැංකුවේ කොටස් 6%ක් දක්වා වර්ධනය කර ගැනීමට ද ඒ මහතා සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

2022 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට Phantom Investments සමාගම හරහා රේනෝ සිල්වා මහතා සතුව තිබූ සම්පත් බැංකු කොටස් සංඛ්‍යාව මිලියන 32.5ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 2.84කි.

මේ අනුව රේනෝ සිල්වා මහතා මේ වන විට සම්පත් බැංකුවේ පස් වැනියට විශාලතම කොටස් ප්‍රමාණයක් හිමි ආයෝජකයා බවට තවදුරටත් පත් වනු ඇති.

සම්පත් බැංකුවේ වැඩිම කොටස් වන 15% ප්‍රමාණය අයත් වන්නේ සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles