සිංගර්, නවතම Honor 90 නිෂ්පාදන පෙළ ලංකාවට හදුන්වාදෙයි

ලෝ ප්‍රකට Honor ස්මාර්ට් ජංගම දුරකථන ශ්‍රී ලංකාව තුළ ගෙන්වා බෙදාහරින්නා වන සිංගර් සමාගම, නවතම තාක්ෂණයෙන් සමන්විත Honor නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු කළා.

චීනයේ අංක 1 ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන Honor දැරිය හැකි මිලට මෙරට පාරිභෝගිකයන් අතට පත් කරන නවතම Honor 90 නිෂ්පාදන පෙළ පසුගිය දා නිල වශයෙන් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත නිකුත් කෙරුණා. රුපියල් 149,999/- ක ආරම්භක මිලකට Honor 90 මිලදී ගත හැකියි.

සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා නවතම Honor 90 ස්මාර්ට් ජංගම දුරකථන පෙළ පිළිබඳ ව අදහස් දක්වමින් මෙසේ සදහන් කළා. “Honor 90, Honor 90 Lite, Honor X5, Honor Plus සහ Honor X6aයන නවතම ස්මාර්ට් ජංගම දුරකථන පෙළ ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඉතා සුවිශේෂී, දැරිය හැකි මිල ගණන් යටතේ හඳුන්වා දෙන Honor 90 නිෂ්පාදන පෙළ, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව ඉතා ආදරයෙන් වැළඳගනු ඇති බව මම විශ්වාස කරනවා.”‍

Honor 90 නිෂ්පාදනවල ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි පිටුපස මෙගා පික්සල් 200 ක සංවේදකයක් සමඟ කැමරා තුනකින් සමන්විත වීමයි. මෙම අතිනවීන කැමරා පද්ධතිය සුපැහැදිලි ඡායාරූප ලබාදෙන අතර, මෙගාපික්සල් 50 ක ධාරිතාවකින් යුත් ඉදිරි කැමරාව සෙල්ෆි ඡායාරූප සඳහා ම සුවිශේෂත්වයක් වනවා.

මෙරට වෙළෙඳපොළේ ඇති වෙනත් ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි හා සසඳන විට, Honor 90 ඉතා ඉහළ ධාරිතාවකින් යුක්ත වන අතර, X5Plus, X6a සහ H90 Lite යන නිෂ්පාදන පෙළ දේශීය පාරිභෝගිකයන්ගේ විවිධ වූ අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles