මෙරට සංචාරක ප්‍රවර්ධනය වඩාත් ආකර්ශනීයව සිදුකිරීමට සිසිලි ස්වස්ථා ග්ලෝබල් ආයතනයෙන් brethwork වැඩමුළුවක්

මෙරට සංචාරක ප්‍රවර්ධනය වඩාත් ආකර්ශනීයව සිදුකරමින් මෙන්ම, ශ්‍රී ලංකාවට
විදේශ විනිමය ගෙන ඒම මූලික අරමුණ කරගනිමින් සිසිලි ස්වස්ථා ග්ලෝබල් ආයතනය
නවමු ආකාරයේ වැඩසටහනක් මීගමුව ජෙට්වින් ලැගූන් හෝටලයේදී අද (01) සංවිධානය
කර තිබුණා. ඒ අනුව යෝගා ක්‍රියාකාරම්වල එන brethwork වැඩමුළුවක් ලෙස පැවැත්වූ
මෙම වැඩසටහනෙහි පළමු අදියර සඳහා ඉන්දියානු සංචාරකයින් 40 යුත් කණ්ඩායමක්
දිවයිනට පැමිණියා. 40 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම පුරා දින 07 ක් මෙරට තුළ
රැදෙමින් මෙම brethwork වැඩමුළුවෙහි අංග සඳහා සහභාගී වනවා. මෙම brethwork
ක්‍රියාකාරකම් තුළින් බොහෝ ලෙඩ රෝග සමනය කර මනසට මෙන්ම ශරීරයට නව
ජවයක් උද්දීපනය වන අතර මානසික ආතතිය දුරලිමටත් එය මනා පිටු බලයක්ද වනවා.

වෛද්‍ය අන්කුරන් දත්තාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරණු මෙම
වැඩසටහන සත්ගමයා ෆවුන්ඩේෂන් ඉන්දියා ආයතනය වෙනුවෙන් ඩී.පී. මහේෂ් මහතා
විසින් මෙහෙයවනු ලැබූවා.‍

සංචාරක ප්‍රවර්ධන ආයතනයයක් ලෙස සිසිලි ස්වස්ථා සංචාරක ප්‍රවර්ධන ආයතනය
ආරම්භකරන වැඩසටහනේ මුලික අරමුණ රට තුළ උග්‍ර ඩොලර් අර්බුදයක් පවතින
පසුබිමක විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමයි. දින 7ක් පුරා
දිවෙන මෙම වැඩසටහන Jetwing Blue සහ Jetwing Lagoon යන හෝටල් මුලික කරමින්
පැවැත්වෙනවා. ඊට අමතරව කතරගම දේවාලය කේන්ද්‍රකරගනිමින්ද එක් වැඩසටහනක්
පැවැත්වීමට නියමිතයි.

සිසිලි ප්‍රොජෙක්ට්ස් කොන්සෝටියම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මැදිහත්වීමෙන් එම
ආයතනයේ සභාපති, ප්‍රමුඛ පෙලේ ව්‍යවසායකයෙක් වන උදය අබේසේකර මහතා ඇතුලු
ආයතනයේ විධායක මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරි චින්තක අබේසේකර, ප්‍රධාන
මෙහෙයුම් විධායක නිලධාරි සමුද්‍ර හේවාවික්‍රම මහතා මෙන්ම අධ්‍යක්ෂ කේ.පී.
නාගරාජා මහතාගේ මුලිකත්වයෙන් සහ සාමාන්‍ය අධිකාරි සමුහ ව්‍යාපාර මලින්ද
නානායක්කාර මහතාගේ සංවිධාන ශක්තියෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles