බිත්තර වී ගොවිපල 200ක් පිහිටුවීමේ වැඩසටහනක්

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක “බිත්තර වී ගොවිපල 200ක් පිහිටුවීමේ වැඩසටහන ” මහවැලි H කලාපයේ ගොවීන් 200ක් සඳහා පැරෂුට් තැටි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගල්නෑව කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේදීයි.

මෙහිදී එක් ගොවි ගෙවිලියක සඳහා රුපියල් 88,000ක වටිනාකමකින් යුත් පැරෂුට් තැටි 800 බැගින් ප්‍රදානය කරන ලද අතර,එහි මුළු වටිනාකම රුපියල් මිලියන 18කට ආසන්න වනවා.

ආහාර නිෂ්පාදනය ශක්තිමත් කිරීම තුළින්, ආහාර බෝග ආනයනය හැකිතාක් සීමා කළහැකි වනවා සේම, ශ්‍රී ලංකාවෙන් ඉවතට ගලායන විදේශ විනිමය ඉතිරිකරගැනීම තුළින් රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට යම් දායකත්වයක් ලබාදිය හැකි බැවින්, සුදුසු සෑම බිම් අඟලක්ම වගාවට යොදා ගැනීම කෙරෙහි සැමගේ අවධානය යොමුවිය යුතු කාලය එළඹ ඇති බව එහිදී ඔහු සදහන් කළා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, 1970න් පසු රටේ පැවති සමාජ ආර්ථික හා දේශපාලන වැරදි උකහා ගැනීම් හා අවිධිමත් තීන්දු තීරණ මත හිඳිමින් කටයුතු කිරීම හේතුවෙන්, රටේ පැවති කෘෂිකාර්මික හා නිෂ්පාදන ආර්ථික ක්‍රමවේදයන්ගෙන් බැහැරව ණය ආධාර මත හිඳිමින් කටයුතු කිරීම නිසාවෙන්, මහා ධාන්‍යාගාරයන් බවට පත් අප මාතෘ භූමිය අභාග්‍ය සම්පන්න ඉරණමකට මේ ආකාරයෙන් ගොදුරුවීමට හේතු වූ බව පසක් කරමින්, යළිත් රට සෞභාග්‍යය කරා රැගෙන යන්නට සාම්ප්‍රදායෙන් ඔබ්බට සුහුරු කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුකරවන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles