Atlas Axilla සමාගමෙන් ගුරුවරුන් පිදූ Atlas ගුරු උපහාර

Atlas Axilla සමාගම මෙරට ගුරුවරුන් ඉටුකරන මෙහෙවර ඇගයීමේ ප්‍රයත්නයක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ‘ගුරු ගරු’ ගුරු උපහාර වැඩසටහනේ තවත් අදියරක් ඊයේ (05) පවත්වා තිබෙනවා.

මෙම උත්සවය Waters Edgeහිදී පැවැත්වුණු අතර, බස්නාහිර පළාතේ ගුරුවරුන් 250කට අධික පිරිසක් එහිදී ඇගයීමට ලක් කෙරුණා.

ගුරු උපහාර වැඩසටහනේදී කාණ්ඩ කිහිපයක් යටතේ ගුරුවරුන්ට සම්මාන පිරිනැමීමක්ද සිදුවී තිබෙනවා.

ප්‍රාථමික හා ද්විතීයික අංශවල හොඳම අත් අකුරු සහිත දරුවන්ගේ ගුරුවරුන්ට “Sunflower Yellow Award” පිරිනැමුනු අතර, එම අංශවල චිත්‍ර කලා විෂය සම්බන්ධයෙන් ඉහළම දක්ෂතා පෙන්නුම් කළ දරුවන්ගේ ගුරුවරුන් වෙනුවෙන් “Atlas Creative Award” පිරිනමන ලදි.

මෙම සම්මානවලට අමතරව මෙම උත්සවයේදී ගුරුවර ගුරුවරියන්ගේ මෙහෙවර අගයමින් තවත් ඇට්ලස් සම්මාන 06ක් පිරිනැමුණා.

Atlas Axilla හි කළමනාකාර අධ්‍යක්‍ෂ අසිත සමරවීර මහතා මෙම උත්සවයේදී සිය අදහස් බෙදා ගත්තේ මෙසේය.

“ගරු කිරීමට සුදුසු තැනැත්තා ගුරුවරයා ලෙස හැඳින්වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා ගුරුවරයා, සමාජයේ නිරන්තර පැසසුමට භාජනය වෙයි. ලංකාවේ අනාගතය නිර්මාණය කරන, අපේ ආදරණීය ගුරුවරු අගය කිරීමට ලැබීම ඉමහත් ඉමහත් සතුටකි, 2019 වර්ෂයේ සිට අප විවිධ අභියෝගවලට මුහුණ දුන්නා. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අපගේ මනා සබඳතාවය නිසා විවිධ වැඩසටහන් හරහා දරුවන්ට සතුටින් ඉගෙනගන්න මාවත විවර කිරීමට අපට හැකියාව ලැබුණා. ‘Atlas සිප්සවි’ ශිෂ්‍යත්ව තුළින් ආර්ථික අර්බුද හමුවේ ඉගෙනීම නොනවත්වා පාසල තුළ රැඳී සිටීමට දරුවන්ට හැකි විය.”

මීට අමතරව, Atlas Learn ඔස්සේ නිවසේ සිට නොමිලේ, සතුටින් ඉගෙනගන්න අවකාශ ලබා දීමට හැකිවී තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගීවූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පළ කළ අදහස්,

Atlas සංවිධානය කරන ලද ගුරුවරුන් ඇගයීමේ උත්සවය, අපේ ගුරුවරුන්ට ඉමහත් ගෞරවයකි. ආර්ථික අර්බුද කාලය තුළ, විදේශ විනිමය සීමා මධ්‍යයේ ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ඇතිව, දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍යය උපකාර නොපිරිහෙලා Atlas ඉටු කළ බව මතක් කළ යුතුය. විශේෂයෙන්ම දරුවන් 40,000ට, 2023 නව වසර සඳහා අවශ්‍යය පාසල් උපකරණ ලබා දෙමින්, අන්කවරදාටත් වඩා අධ්‍යාපනය පිළිබඳ තැවුණු දෙමව්පියන්ට දිරියක් විය.

ගුණාත්මක අධ්‍යාපනයක් සමාජයට දායාද කිරීම උදෙසා Atlas ගුරුවරුන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් සිදුකරන මෙහෙය ඉමහත්ය.”

එමෙන්ම එහි එක් පියවරක් ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේනතුව සමඟ එක්ව සංවිධානය කළ “Atlas ගුරුගරු” උපහාර උළෙල සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර මහතාද සහභාගීවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles