යූනියන් ඇෂුවරන්ස් බෙදාහැරීම් වාර්ෂික සම්මාන 2022 රන් ජයග්‍රාහකයන්ට ප්‍රතිලාභ

ශ්‍රී ලංකාවේ දැවැන්තම ජීවිත රක්ෂකයා වන යූනියන් ඇෂුවරන්ස්, 2022 බෙදාහැරීම් වාර්ෂික සම්මාන ප්‍රදානය සැමරුවේ, රන් ජයග්‍රාහකයින් වෙනුවෙන් අමතක නොවන සුඛෝපභෝගී හෝටල් චාරිකාවක් පිරිනමමින්.

අමතක නොවන සහ ප්‍රතිලාභදායී අත්දැකීමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම චාරිකාවට ජයග්‍රාහකයින් 125 දෙනෙක් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ එක්වී තිබෙනවා.

බෙදාහැරීම් වාර්ෂික සම්මාන 2022 රන් ජයග්‍රාහකයින්ගේ සුඛෝපභෝගී හෝටල් චාරිකාව, යූනියන් ඇෂුවරන්ස් නියෝජිතායතන බෙදාහැරීම් විකුණුම් බළකායේ ඉහළම කාර්ය සාධනයක් සහිත වූවන් දැක්වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් කෘතඥතාව සහ ප්‍රශංසාව පළ කිරීමට අවස්ථාවක්වී ඇති බව වාර්තාවනවා.

විනෝදය සහ සාමූහික ක්‍රියාකාරකම් සමඟ සුවපහසු බව එක්වීමෙන්, එම අවස්ථාව අමතක නොවන හැඟීමක් ඉතිරි කර කණ්ඩායම තුළ පවතින සාමූහික හැඟීම ශක්තිමත් වුණා.

විශිෂ්ටත්වය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කරන ධනාත්මක සහ ප්‍රතිලාභදායක සේවා පරිසරයක් නිර්මාණය කිරීමට යූනියන් ඇෂුවරන්ස් කැපවී සිටිනවා.

ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම ලෙස, සිය සුවිශේෂී කණ්ඩායම් සාමාජිකයින්ගේ ජයග්‍රහණ හඳුනා ගැනීමටත්, ඒවා සැමරීමටත් සමාගම තවදුරටත් කැපවන බව සඳහන් කරනවා.

මෙම චාරිකාව, ජයග්‍රාහකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සැලසුම් කරන ලද පුළුල් පරාසයකින් යුත් ක්‍රියාකාරකම්වලින් සමන්විතයි.

චාරිකාවේ සුවිශේෂී අවස්ථාවක් වූයේ, උත්සවශ්‍රීයෙන් යුක්තවූ රාත්‍රි භෝජන සංග්‍රහයයි.

එම සන්ධ්‍යාව සංගීතය, නර්තන සහ ආකර්ෂණීය ක්‍රීඩාවලින් පිරී තිබුණා.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක්වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයක්.

සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනය රු. බිලියන 18.0ක් වන අතර ජීවිත අරමුදල 2023 ජූනි මස අවසන් වන විට රු. බිලියන 60.4 ක්.

ශ්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා පිහිටුවා ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමනවා.

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතුවන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles