ගලදාරි හෝටලයේ දැවැන්ත වෙනසක්

කොළඹ ගලදාරි හෝටලය පසුගියදා ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹි ඇති බව නිවේදනය කරනවා.

ඒ අනුව ගලදාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී නිවේදනය කරන්නේ, හෝටලයේ නවීකරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 33.5 ක ආයෝජනයක් ඉදිරියේදී ලැබීමට නියමිත බවයි.

මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමක් වන ගලදාරි හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ මීට පෙර ගිවිසුමකට එළඹි තිබෙනවා.

මෙම ගිවිසුම්ගතවීම සඳහා 2023 ජූලි 06 දින පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේදී ගලදාරි හෝටල් සමාගමේ කොටස්කරුවන්ගෙන් අනුමැතිය හිමිවී තිබුණා

එම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන අතර“RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles