ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මූල්‍ය ස්ථායීතා මණ්ඩලයෙහි ආසියා කලාපීය උපදේශක කණ්ඩායම් රැස්වීමේ සම සභාපතිත්වය දරයි

මූල්‍ය ස්ථායීතා මණ්ඩල (FSB) ආසියා කලාපීය උපදේශක කණ්ඩායම (RCG Asia) 2023 නොවැම්බර් 29 දින හොංකොං හිදී රැස්වූ අතර මෑත කාලීන මූල්‍ය වෙළෙඳපොළ ප්‍රවණතා සහ කලාපයට ඒවායේ බලපෑම, බැංකු නොවන මූල්‍ය අතරමැදිකරණය නිසා ඇතිවන අවදානම් පිළිබඳව සාකච්ඡා කළා.

ඇතැම් නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් (EMDEs) තුළ ස්වෛරී-බැංකු සම්බන්ධය (sovereign bank nexus) ගැඹුරු වීම සහ අතත්‍ය (crypto) වත්කම් ආශ්‍රිත අවදානම් ඵලදායී නියාමනය සහ අධීක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම, සාමාජිකයින් මෙම අවදානම් හඳුනාගැනීම, අධීක්ෂණය සහ පිළියම් යෙදීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත් අතර මූල්‍ය පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම කෙරෙහි මූල්‍ය ස්ථායීතා මණ්ඩලයේ අඛණ්ඩ අවධානයෙහි ඇති වැදගත්කමද සාකච්ඡා කෙරුණා.

හොංකොං මූල්‍ය අධිකාරියේ ප්‍රධාන විධායක සහ RCG Asia හි වත්මන් සාමාජික සම සභාපති එඩි යු මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ RCG Asia හි වත්මන් සාමාජික නොවන සම සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම රැස්වීමේ සම මුලසුන හොබවන ලදී.

RCG Asia හි සාමාජිකත්වය ඕස්ට්‍රේලියාව, බෲනායි දරුස්සලාම්, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, නවසීලන්තය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල මූල්‍ය අධිකාරීන්ගෙන් සමන්විතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles