ශ්‍රී ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක්

2023 නොවැම්බර් මාසය තුළදී විදෙස් සේවා නියුක්තිකයින් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 537.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

2023 වසරේදී ඩොලර් මිලියන 500 ක් ඉක්මවා විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලද සිව්වැනි මාසයද මෙය වනවා.

මීට පෙර 2023 මාර්තු මස (රු. මිලියන 568.3), ජූලි මස (රු. මි. 541) සහ ඔක්තෝබර් මස (රු. මිලියන 517.4) මාසවලදී ඩොලර් මිලියන 500 ඉක්මවා විදෙස් ප්‍රේෂණ ගලාඒම් වාර්තාවී තිබෙනවා.

මේ සමඟම 2023 වසරේ මුල් මාස 11 තුළදී ශ්‍රී ලංකාව ලද සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,399.90 ක් ලෙසින් සටහන්ව තිබෙන බවද සඳහන්.

ආසන්නතම වර්ෂ සැලකීමේදී පසුගිය 2022 වසරේදී ශ්‍රී ලංකාව ලද විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,789.5 ක් ලෙසින් වාර්තා වන අතර 2021 වසරේදී එය ඩොලර් මිලියන 5,491.5 ක් ලෙසින් සඳහන්වනවා.

2020 වසරේදී මෙම අගය ඩොලර් මිලියන 7,103.9 ක් ලෙස දැක්වෙන අතර 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාව ලද සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 6,717.2 ක් බවයි වාර්තාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles