”Rise Up” පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන

‘ Rise Up නම් පෙරළිකාර තාරුණ්‍ය සංවිධානයේ මූලාරම්භය පසුගිය ජනවාරි 26 දා සිදුවුණා.

මෙම එකමුතුව, ප්‍රගතිශීලී තරුණ පරපුරක මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ජීවිතය සැමරීමටත්, ඔවුන්ගේ දූරදර්ශී දැක්ම බෙදා ගන්නා ඕනෑම කෙනෙකුට එහි දොරටු විවර කිරීමේ අරමුණිනුත් පසුගියදා කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළා.

Rise Up හි ඒකායන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් ජාලයක් ඇති කර ගනිමින් රටේ වඩාත්ම වැදගත් තරුණ ව්‍යාපාරය බවට පත් වීමයි.

එහි පළමු පියවර සනිටුහන් කරමින් ශ්‍රී ලාංකේ​ය තාරුණ්‍යයේ රට පුරා විහිදී පැතිරී සිටින තරුණ සංවිධාන, ව්‍යාපාර සංගම්, සමාගම් සහ වඩාත් ආකර්ශනීය තාරුණ්‍යයේ ජනප්‍රිය ගායක ගායිකාවන්, රංගන ශිල්ප ශිල්පිනියන්, මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍යයේ පෙරළිකාර චරිත, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Influencers), වෙළඳ ප්‍රචාරණ සහ චිත්‍රපට කර්මාන්තයේ ප්‍රවීණයන් රාශියක් එකට එක් කරමින් සිය කේන්ද්‍රස්ථානය වන ‘Rise Up Plug’ මධ්‍යස්ථානය විවෘත කෙරුණා.

එම රාත්‍රියේ විනෝදාස්වාදය සපයන ලද්දේ ශ්‍රී ලංකාවේ නැගී එන ‍සංගීත කණ්ඩායමක් වන ‘Mid Lane’ විසින් වන අතර දක්ෂ කලාකරුවන් රැසක් එහිදී ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සිදු කළා.

නිර්මාණශීලි තාරුණ්‍යයේ පෙරළිකාර අනාගත ඉලක්ක ජයග්‍රහණය කිරීම සඳහා මෙම ‘Rise Up Plug’  මධ්‍යස්ථානය හරහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කෙරෙණු ඇති බව එහි තරුණ කළමනාකාරීත්වය නිවේදනය කරනවා.

ඒ අනුව අතිශය ආකර්ශනීය නව්‍ය කරණයන්ගෙන් සමන්විත Rise Up Plug මධ්‍යස්ථානය තරුණ පරපුරට සිය  නිර්මාණාත්මක හැකියාවන් එළි දැක්වීම සඳහා වේදිකාවක් සේම, සිය ව්‍යවසායකත්ව හැකියාවන් ප්‍රචලිත කිරීම සඳහා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි විවිධවූ උත්සව, පුහුණු සැසි ආදී බහුවිධ කාර්යසාධන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමේ අවස්තාව තිබෙනවා.

ඒ අනුව ‘Rise Up Plug’ වෙත ප්‍රවේශය සියලුම ‘Rise Up’ සාමාජිකයින්ට පමණක් ලබා ගත හැකි අතර, එහි පරිපාලන කණ්ඩායම ස්ථානය වෙන්කිරීම් විමසීම් හසුරවනු ලබනවා.

‘Rise Up ‘ හි අරමුණු සහ මෙහෙවරයන්‌ට ගැළපෙන සිද්ධි සඳහා මෙම ස්ථානය වෙන් කරනු ලැබෙනවා.

 මෙ​ම සංවිධානයේ අරමුණ වන්නේ විනෝදාස්වාදය, පරිසරය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ව්‍යවසායකත්වය යන තරුණයින්ගේ ක්ෂේත්‍රයන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමට ප්‍රධාන අංශ පහක් ඉලක්ක කර ගනිමින් ‘Rise Up’ සිය මෙහෙවර උපාය මාර්ගිකව ගෙනහැර දක්වා ඇති අතර මෙම ක්ෂේත්‍ර තුළ ඉලක්කගත ව්‍යාපෘති හරහා, තරුණයින්ගේ කුසලතා ඉහළ නැංවීමට පහසුකම් සැලසීම සහ අත්‍යවශ්‍ය අරමුදල් රැස්කිරීමයි.

‘Rise Up’ විමසීම් සඳහා  Hotline – 0711623632.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles