අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරය සමඟ අද (11) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මහජන බැංකුවට අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින්  රු.302.05 සිට රු. 301.31 දක්වාත් රු. 312.57 සිට රු.311.84 දක්වාත් අඩුවී තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය නොවෙනස්ව රු. 301.15 ක් ලෙස පැවතුණු අතර විකුණුම් මිල ද නොවෙනස්ව රු. 310.50 ක් ලෙස සටහන් වුණා.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාතද නොවෙනස්ව පිළිවෙලින් රු. 302.50 සහ රු. 311.50 ලෙස දැක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles