ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඊයේ දිනයේ වාර්තාවූ එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (12) දිනයේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින්  රු. 301.31 සිට රු. 300.82   දක්වාත් රු. 311.84 සිට රු. 311.30 දක්වාත් අඩුවී තිබෙනවා.

එමෙන්ම ,කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 301.15 සිට රු. 300.48 දක්වාත් විකුණුම් මිල රු.310.50 සිට රු. 310.25 දක්වාත් අඩු වීමක් පෙන්නුම් කරනවා.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.50 සිට රු. 302 දක්වාත් විකුණුම් මිල රු. 311.50 සිට රු. 311 දක්වාත් අඩුවී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles