ඩොලරය තවදුරට​ත් පහළට

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (18) දිනයේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 299.35 දක්වාත් රු. 309.48 දක්වාත් අඩුවී තිබෙනවා.

එමෙන්ම ,කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.17 සිට රු. 298.67 දක්වාත් විකුණුම් මිල රු.308.50 සිට රු. 308. දක්වාත් අඩුවී තිබෙනවා.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300 දක්වාත් විකුණුම් මිල රු. 309 දක්වාත් අඩුවී තිබෙනවා.

කෙසේවෙතත් NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 297.75 දක්වාත් විකුණුම් මිල රු.308.75 දක්වාත් අඩුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles