ඩොලරයේ ලො​කු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අ​ද (19) දිනයේදී නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහ​ළ ගොස් තිබෙනවා.

ඒ අනු​ව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 299.29ක් වශයෙන් සහ විකුණුම් මිල රුපියල් 308.90 වශයෙන් සටහන් වනවා.

ඩොලරයේ ගැනුම් මිල මෙලෙ​ස රුපියල් 300ට වඩා අඩුවී ඇත්තේ 2023 ජූලි 05 වනදාට පසුව පළමු වරටයි.

ඒ අනුව, අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේදී මහජ​න බැංකුවට අනුව, ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 298.36 දක්වාත් රු. 308.47 දක්වාත් අඩුවී තිබෙනවා.

එමෙන්ම ,කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.67 දක්වාත් විකුණුම් මිල රු 308.00 දක්වාත් අඩුවී තිබෙනවා.

NDB බැංකුවට අනුව ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 296.75 දක්වාත් විකුණුම් මිල රු. 307.75 දක්වාත් අඩුවී තිබෙනවා.

එමෙන්​ම ලංකා බැංකු​වේ ක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු.300.50 දක්වාත් විකුණුම් මිල රු. 307.50 දක්වා අඩුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles