ඩොලරය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (21) දිනයේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 298.36 දක්වාත් රු. 308.47 දක්වාත් අඩුවී තිබෙනවා.

එමෙන්ම, NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 296.85 ක් වන අතර, විකුණුම් මිල රු. 307.85ක් වනවා.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.18 සිට රු. 297.93 දක්වාත් විකුණුම් මිල රු.307.50 සිට රු. 307.25 දක්වාත් අඩුවී තිබෙනවා.

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299 දක්වාත් විකුණුම් මිල රු. 308 දක්වාත් අඩුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles