ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකය 2019 ප්‍රතිඵල

දරිද්‍රතාවයට බොහෝ පැතිකඩ ඇති අතර, විශේෂයෙන් පෝෂණය සහ සංජානන වර්ධනය වැනි ළමා කාලය තුළ අහිමිවීම් පිළිබඳ අත්දැකීම් ජීවිත කාලය පුරාම පැවතිය හැකිය.

තිරසාර සංවර්ධන ඉලක්කය (SDG) 1 හි පිළිගෙන ඇති පරිදි, “සෑම තැනකම සෑම ආකාරයකම  දරිද්‍රතාව අවසන් කිරීම” යන ජාත්‍යන්තර ප්‍රජාවේ සම්මුතියට අනුකූලව, මුල්‍යමය දරිද්‍රතාවයට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ජීවන තත්වය යන බහුමාන පැතිකඩවල් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව දරිද්‍රතාවය අධ්‍යනය කරන ලදී.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වර්ෂයේ පවත්වන ලද ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණයෙහි දත්ත පදනම් කර ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට 2021 වර්ෂයේහි දී  UNICEF ශ්‍රී ලංකා කාර්යාලය, Oxford Poverty and Human Development Initiative (OPHI) ,යුරෝපා සංගමය සහ අනෙකුත් විවිධ පාර්ශවකරුවන්ගේ  සහාය ඇතිව නිල  සංඛ්‍යාතියක් ලෙස ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකය (NMPI) ප්‍රකාශයට පත් කරන ලදී.  

බහුමාන දරිද්‍රතා දර්ශකය ශ්‍රී ලංකාව පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයක් නිර්මාණය කරයි. එය, දුප්පතුන් විසින් අත්දකිනු ලබන එකිනෙක සම්බන්ධ වී ඇති විහීනතා සමූහයක් කෙරෙහි අවධානය යොමු කරමින් , දුප්පතුන් යනු කවුරුන්ද සහ ඔවුන් දුප්පත් වන්නේ කෙසේද යන්න හෙළි කරනු ලබයි.

තවද, ළමා කේන්ද්‍රීය ප්‍රතිපත්ති තවදුරටත් විමර්ශනය කිරීමට සහ සහාය දැක්වීම සඳහා, වයස අවුරුදු 0-4 අතර ළමුන් සඳහා ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය(CMPI) නිර්මාණය කරන ලදී.

එයට ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකයෙහි ඇතුලත් දර්ශක සමඟ ශ්‍රී ලංකාවේ ළමයින් සඳහා වැදගත් වන ළමා දරිද්‍රතා දර්ශක දෙකක් වන ළමා පෝෂණය සහ මුල් ළමාවිය සංවර්ධනය යන දර්ශක දෙක ඇතුළත් වේ.

ළමා බහුමාන දරිද්‍රතා දර්ශක  ජාතික බහුමාන දරිද්‍රතා දර්ශක සමඟ සෘජුවම සම්බන්ධ කර නිල ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය සකස්කරනු ලැබූ   පුරෝගාමී රට ලෙස ශ්‍රී ලංකාව පත්වේ.

ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතා දර්ශකය (MPI) නිල සංඛ්‍යාතියක් වන අතර  එය SDG දර්ශකය 1.2.2 (“එනම් ජාතික නිර්වචනවලට අනුව දරිද්‍රතාවයේ සියලු මානයන් තුළ  ජීවත් වන සෑම වයස් කාණ්ඩයකම පිරිමින්, කාන්තාවන් සහ ළමුන්ගේ දිළිඳු ජනගහන අනුපාතය) ලෙස සෑම ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීකෂණ වර්ෂක්  සඳහා යාවත්කාලීන කර ප්‍රකාශයට පත් කෙරේ.

එය මූල්‍ය දරිද්‍රතා මිනුම වලට අනුපූරකයක් ලෙස භාවිතා කරනු ලබයි.

බහුමාන දරිද්‍රතා දර්ශකය (MPI) යනු සංඛ්‍යාලේඛනයක් පමණක් නොවේ.

එය ප්‍රතිපත්ති සැලසුම් කිරීමට යොදාගත හැකි මෙවලමකි. සීමිත සම්පත් යොදා ගනිමින් ප්‍රතිපත්ති සකස් කිරීම,සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය සහ අධීක්ෂණය වැනි විවිධ අංශ  මගින්  දිළිඳුකම අඩු කිරීම වේගවත් කිරීමට ඉහළ බලපෑමක් ඇති අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම් සඳහා අදාළ තොරතුරු සපයයි.

තවද , ජාතික සහ ළමා බහුමාන දරිද්‍රතා දර්ශක  මගින් විවිධ මානයන්ගේ එකවර විහීනවීම් වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා ස්ථානය අනුව වෙන් වෙන් වශයෙන් ග්‍රහණය කළ හැක.

විවිධ විහීනවීම්  දරිද්‍රතාවයට දායක වන ප්‍රමාණය, කොතැන කවුරුන් සඳහා ද යන්න පෙන්වා එමඟින් ප්‍රතිපත්ති සකස් කිරීම  සදහා අවධානය යොමු කරන්නේ කෙසේද යන්න පිළිබඳ වඩාත් සවිස්තරාත්මක අවබෝධයක් ලබා දේ.

ශ්‍රී ලංකා ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකය සහ ළමා බහුමාන දරිද්‍රතා දර්ශකයෙහි  ප්‍රධාන කරුණු කිහිපයක් ;

ජාතික  බහුමාන දරිද්‍රතා දර්ශකය ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙක්  (සියයට16 ) බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙයි.වතු අංශයෙහි ජීවත් වන පුද්ගලයින්ගෙන්  අඩකට වඩා (සියයට 51.3) බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙන බැවින් මෙම අංශය සඳහා  ප්‍රතිපත්තිමය අවධානයක් අවශ්‍ය වේ.දිළිඳු පුද්ගලයන් දසදෙනෙකුගෙන් (සියයට 80.9) අට දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බැවින් ග්‍රාමීය ප්‍රදේශ ද විශේෂ අවධානයට  ලක්විය යුතු වේ.දිස්ත්‍රික්කවල දරිද්‍රතා මට්ටම් සැලකිය යුතු ලෙස වෙනස් වන අතර කොළඹ සියයට 3.5 වන විට නුවරඑළිය සියයට 44.2 ක් වේ. සමාන බහුමාන දරිද්‍රතා දර්ශකය අගයන් සහිත දිස්ත්‍රික්ක සඳහා වුවද, වියදම් අඩු  වඩාත් ඵලදායී ප්‍රතිචාරය සැලසුම් කිරීම සඳහා, දරිද්‍රතාවයේ දර්ශක සංයුතිය සලකා බැලිය යුතුය.වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් ශ්‍රී ලංකාවේ දිළිඳුම වයස් කාණ්ඩය වන අතර, ඉහළම දරිද්‍රතා දර්ශකය (සියයට 17.9) මෙන්ම ඉහළම දරිද්‍රතාවයේ තීව්‍රතාව ද මෙම වයස් කාණ්ඩයෙන් වාර්තා වෙයි.ක්ෂණික ප්‍රතිපත්තිමය අවධානයක් අවශ්‍ය වන ක්ෂේත්‍ර ලෙස  සෞඛ්‍ය පහසුකම් සහ මූලික පහසුකම් සඳහා ප්‍රවේශ නොමැතිකම, ඉවුම් පිහුම් සඳහා පිරිසිදු ඉන්ධන සහ ආරක්ෂිත පානීය ජලය දැක්විය හැකිය. විහීනතාවයන්ගේ පැතිරීම – ප්‍රතිපත්ති සහ අයවැය ප්‍රතිචාර-  දිස්ත්‍රික්කය සහ වයස අනුව වේ.ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය අනුව වයස අවුරුදු 5 ට අඩු සෑම දස දෙනෙකුගෙන් (සියයට 42.2) න් හතර දෙනෙකු බහුමාන දරිද්‍රතාවෙන් පෙළෙයි.ජාතික බහුමාන දරිද්‍රතා දර්ශකය විසින් දුප්පත් ලෙස සලකනු ලබන සියලුම දරුවන් ඊට සමගාමීව ව ළමා බහුමාන දරිද්‍රතා දර්ශකය මගින් ද දුප්පත් වේ. මීට අමතරව, ළමා බහුමාන දරිද්‍රතා දර්ශකයට එක් එක් දරුවාගේ පෝෂණය සහ සංජානන වර්ධනයේ ඌනතාවයන් ඇතුළත් සිව්වන මානයක් එක් කරයි.වයස අවුරුදු 0-4 අතර ළමුන්ගෙන් තුනෙන් එකක් (සියයට 33.4) බහුමාන වශයෙන් දිළිඳු වන අතර අඩු බර හෝ වයසට සරිලන උසන් විහීන වේ.වයස අවුරුදු 0-4 අතර ළමුන්ගෙන් හයෙන් එකක් (සියයට 16.4) බහුමාන වශයෙන් දිළිඳු වන අතර මුල් ළමාවිය සංවර්ධනය ද අහිමි වේ.මාස 0-11 සහ අවුරුදු 4 අතර ළමුන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දි බහුමාන වශයෙන් ළිඳු වේ. මාස 0-11 ළමුන් අතර මන්දපෝෂණයට ලක්වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර, අවුරුදු 4ක් වයසැති ළමුන් සඳහා පෙර පාසල් නොයා සිටීම ප්‍රධාන හේතුව වී ඇතශ්‍රී ලංකාවේ ගැහැණු හා පිරිමි ළමුන්ගේ දරිද්‍රතා මට්ටම් අතර සංඛ්‍යානමය වශයෙන් සැලකිය යුතු වෙනස්කම් නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles