ඩොලරය නැවත කඩා වැටෙයි

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අද (19) නැවතත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 297.53ක් ලෙසයි සටහන් වුණේ.

එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 315.12 ක් ලෙසයි.

මේ අතර පසුගිය 19 වනදා ඩොලරයක ගැනුම් මිල රු. 300.51 ක් ලෙස හා විකුණුම් මිල රු 319.66 ක් ලෙසයි සටහන් තිබුණේ.

මේ අතර වානිජ බැංකු බොහොමයකද ඩොලරයක ගැණුම් මිල රුපියල් 300 සීමාවෙන් පහලට පැමිණ තිබුණා.

ඒ අනුව කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල 296.92ක් ලෙසද විකුණුම් මිල 294.92 ක් ලෙසද සටහන් වුණා.

එමෙන්ම මහජන බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.77 ක් ලෙසට සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 316.44. ක් ලෙසයි.

තවද සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 297 ක් ලෙසට සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 314 ක් ලෙසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles